අද දිනය තුල මෙරටින් කොරෝනා ආසාදිත මරණ 9 ක් වාර්තා වී ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසනවා.
ඒ අතරින් කොළඹ 02 පදිංචිව සිටි 57 හැවිරිදි අයකු මියගොස් තිබුණේ කොවිඩ් නිව්මෝනියාව හා කම්පන තත්ත්වය මතයි.
වැල්ලම්පිටිය ප්‍රදේශයේ පදිංචිව සිටි 65 හැවිරිදි අයකු අධික රුධිර පීඩනය හා දියවැඩියාව සමග කොරෝනා ආසාදනය මත මරණයට පත්වුණා.
දෙමටගොඩ ප්‍රදේශයේ පදිංචිව සිටි 89 හැවිරිදි පුද්ගලයකු මියගොස් තිබුණේ කොවිඩ් නිවුමෝනියා තත්ත්වය මතයි.
කොළඹ 10 ප්‍රදේශයේ පදිංචිව සිටි 48 හැවිරිදි කාන්තාවක්ද අද මරණයට පත්වුණා.
ඒ කොවිඩ් ආසාදනය හා හෘදයාබාධයක් මතයි.
අද පස්වන මරණය ලෙස කොළඹ 10 ප්‍රදේශයේ පදිංචිව සිටි 72 හැවිරිදි අයකු මිය ගියා.
ඔහු අධික රුධිර පීඩනය , දියවැඩියාව හා කොවිඩ් තත්ත්වය මතයි මියගොස් තිබුණේ.
කොළඹ 13 ප්‍රදේශයේ පදිංචිව සිටි 69 හැවිරිදි කාන්තාවක්ද මරණකරුවන් අතරට ඇතුලත්.
කොවිඩ් තත්ත්වය හා හෘදයාබාධයක් ඊට මුල් වුණා.
වැල්ලවත්ත ප්‍රදේශයේ 76 හැවිරිදි අයකු මියගොස් තිබුණේ ආසාදිතයකු ලෙස හදුනාගෙන මුල්ලේරියාව මූලික රෝහලට එවීමෙන් පසුවයි.
කොවිඩ් තත්ත්වය මත ඔහු මියගොස් තිබුණා.
වැල්ලම්පිටියේ පදිංචි 75 වියැති කාන්තාවක් හෝමාගම රෝහලේදී මියගොස් තිබුණේ උග්‍ර නිව්මෝනියාව මතයි.
76 හැවිරිදි කාන්තාවක් කොළඹ පුද්ගලික රෝහලක සිට අයි ඪී එච් රෝහලට මාරු කර එවීමෙන් පසු මිය ගියා.
කොවිඩ් ආසාදනය හා ලේ විෂවීම මරණයට බලපා තිබෙනවා.
මේ සමග ලංකාවේ කොරෝනා මරණ ගණන 83 ක් බවට පත්ව තිබෙනවා.

26559

ආසාදිතයන්

19438

සුවය ලැබූ

6991

දැනට රෝගීන්

130

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.