බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින නිවාර් සුළි කුණාටුව චණ්ඩ සුළි කුණාටුවක් දක්වා වර්ධනය වී ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේනතුව ප්‍රකාශ කළා.
එය උතුරු වෙරළ ආසන්නයෙන් තමිල්නාඩු වෙරළ තීරය දෙසට ගමන් කරනු ඇතිබවයි විශ්වාස කරන්නේ. ඒ හේතුවෙන් තද වැසි , සුළං සහ රළු මුහුද්රු ප්‍රදේශ සම්බන්ධයෙන් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු ඇඟවීමක් සිදුකර තිබෙනවා.
පුත්තලම , මන්නාරම , කන්කසන්තුරය සහ ත්‍රීකුණාමලය හරහා මඩකලපුව දක්වා ධීවර කටයුතු වලින් වැළකී සිටිම වැදගත්. පුත්තලම සිට කොළඹ හරහා මාතර දක්වා වන මුහුදු ප්‍රදේශවල ධීවර හා නාවික ප්රජාවද අවධානයෙන් කටයුතු කළ යුතු බවයි කාර්යේ නියුතු කාලගුණ විද්‍යාඥ චතුෂ්කා පේ‍්‍රමචන්ද්‍ර ප්‍රකාශ කළේ.
53408
ආසාදිතයන්
45820
සුවය ලැබූ
7324
දැනට රෝගීන්
270