ආසන්න පුවත් ප්‍රධාන-පුවත්

නිවාර් සුළි කුණාටුව හේතුවෙන් උතුරේ මුහුද රළුවෙයි

බෙදා හරින්න :

නිවාර් සුලි කුණාටුව හේතුවෙන් අද (25) උදෑසනද උතුරු මුහුදු තීරය දැඩි රලු ස්වභාවයක් ගෙන ඇති බව වාර්තාවනවා.
නිරතදිග බෙංගාලබොක්කේ නිවාර් සුලි කුණාටුව උතුරු වෙරලට ආසන්නයෙන් තමිල්නාඩුව දෙසට ව්‍යාප්ත වීම හේතුවෙන් උතුරු මුහුදු තීරයේ මෙන්ම උතුරේ සෙසු පලාත්වලටද පැයට කිලෝ මීටර් 100 කට ආසන්න වේගයකින් සුලං හැමිය හැකි අතරම සුලං සමග වර්ෂාවද බලාපොරොත්තු වන බවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින්ද නිවේදනයක් නිකුත් කර තිබුණා.
එමෙන්ම නිවාර් සුලි කුණාටුවේ බලපෑම හේතුවෙන් උතුරු මුහුදේ ධීවර කටයුතු වල හා නාවික කටයුතු වල නිරත නොවන ලෙසටද කාලගුණ විද්‍යා දෙපාර්තමෙන්තුව විසින් අනතුරු අඟවා තිබෙනවා.
මේ අතර යාපනය හා මුලතිව් මුහුදු තීරයන්හි මුහුදු රල අධික ලෙසින් සැඩ හා රලු ස්වභාවයක් ගෙන ඇති අතරම ජැටි වල නවතා ඇති ධීවර යාත්‍රාවලට හානි වීමේ අවධානමක්ද පවතින බවටද උතුරේ ධීවරයින් වැඩි දුරටත් ප්‍රකාශ කළා. – වන්නි – රොමේෂ් මධුසංඛ

53408

ආසාදිතයන්

45820

සුවය ලැබූ

7324

දැනට රෝගීන්

270

මරණ

බෙදා හරින්න :

Similar Posts