අධ්‍යාපන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය සැලසුම් කළ දිනට පැවැත්වීම සම්බන්ධයෙන් ඉදිරි දින 10 ඇතුළත තීරණය කරන බව අධ්‍යාපන අමාත්‍ය ජී එල් පීරිස් මහතා අද ප්‍රකාශ කළා.
අමාත්‍යවරයා මේ බව සදහන් කළේ රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.
බස්නාහිර පළාත ඇතුළු පාසල් වසා දමා ඇති සෙසු ප්‍රදේශවල පාසල් දෙසැම්බර් මස මුල සතියේ විවෘත කිරීමට නොහැකි නම් සාමාන්‍ය පෙළ විභාගය කල් දැමීම පිළිබඳව සලකා බැලීමට සිදුවන බව ද අමාත්‍යවරයා සදහන් කළා.
අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය ලබන වසරේ ජනවාරි මස 18 වැනිදා සිට 27 වනදා දක්වා පැවැත්වීමට කටයුතු යොදා තිබෙනවා.
53408
ආසාදිතයන්
45820
සුවය ලැබූ
7324
දැනට රෝගීන්
270