ප්‍රධාන-පුවත් වැඩියෙන් නැරඹූ

කල්මුණේ සියලු පාසල් සතියක් වසා දැමේ

බෙදා හරින්න :

කල්මුණේ අධ්‍යාපන කලාපයේ සියළු පාසල් හෙට සිට සතියක් වසා දැමීමට නැගෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මිය තීරණය කර තිබේ.

ඒ නැගෙනහිර පළාතේ අම්පාර දිස්ත්‍රික්කයේ සිදු කළ අහඹු PCR පරීක්ෂණ වලින් 21 දෙනෙක්ට කෝවිඩ්- 19 වෛරසය වැළදී ඇති බවට තහවුරු වීමත් සමගයි.

ඒ අනුව, එම පාසල් යළි ආරම්භ කරන දිනය පසුව දැනුම්දෙනු ලැබේ. මෙම තත්වය මත සිදු කරන අහඹු PCR පරීක්ෂණ ප්‍රමාණය වැඩි කරන ලෙස ආණ්ඩුකාරවරිය පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක වෛද්‍ය ලතාහරන් මහතාට නියෝග කළාය.

ඊට අමතරව අක්කරෙයිපත්තු, සයින්දමරුදු සහ අඩ්ඩාලච්චේන ප්‍රදේශයේ ජීවත් වන වැසියන් මෙම අවධානම් තත්වය සලකා සෞඛ්‍ය උපදෙස් මත සංචාරණ කටයුතු නතර කර සිය නිවෙස් වලටම වී සිටින ලෙසද ආණ්ඩුකාරවරිය ජනතාවගෙන් ඉල්ලා සිටියාය.

ජනතාව සෞඛ්‍ය උපදෙස් නිවැරදිව පිළිපැඳ මෙම වෛරසය පාලනය කිරීම සදහා හැකි උපරිම සහයක් ලබා දෙන ලෙසද ආණ්ඩුකාරවරිය ජනතාවගෙන් වැඩිදුරටත් ඉල්ලා සිටියාය.

53408

ආසාදිතයන්

45820

සුවය ලැබූ

7324

දැනට රෝගීන්

270

මරණ

බෙදා හරින්න :

Similar Posts

Leave a Reply

Your email address will not be published.