ක්‍රීඩා-පුවත් වැඩියෙන් නැරඹූ

LPL පළමු තරගයේ ජය කලම්බු කින්ග්ස් කණ්ඩායමට

බෙදා හරින්න :

2020 – LPL තරගාවලියේ පළමු තරගයෙන් ලකුණු 5 ක ජයක් ලබා ගැනීමට කළම්බු කින්ග්ස් කණ්ඩායම සමත් වුණා.
ඒ තරගයේ ලකුණු සමවීම හේතුවෙන් පැවැති සුපිරි පන්දුවාරයෙන් ජය ලබමිනුයි.
සූරියවැව ක්‍රීඩාංගනයේ දී පැවැති තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ටස්කර්ස් කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුළු 2ක් දැවී ලකුණු 219 ක් රැස් කළා.
කුසල් ජනිත් පෙරේරා ලකුණු 87 යි.
රහමතුල්ලා ගුර්බාස් ලකුණු 53 යි.
කුසල් මෙන්ඩිස් ලකුණු 30 ක් හා අසේල ගුණරත්න නොදැවී ලකුණු 33ක් රැස් කළා.
මන්ප්‍රීට් ගෝනි හා කයීස් අහමඩ් එක් කඩුල්ල බැගින් දවාගත්තා.


පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ කලම්බු කින්ග්ස් කණ්ඩායම පන්දුවාර 20 තුල කඩුළු 7 ක් දැවී ලකුණු 219 ක් ලබාගත්තා.
දිනේෂ් චන්දිමාල් ලකුණු 80 යි.
ඉසුරු උදාන පන්දු 12 කදී නොදැවී ලකුණු 34 යි.
අන්ද්‍රේ රසල් ලකුණු 24 යි.
නුවන් ප්‍රදීප් හා නවීන් උල් හක් කඩුළු 2 බැගින් දවාගත්තා.
අසේල ගුණරත්න හා සීක්කුගේ ප්‍රසන්න එක් කඩුල්ල බැගින් දවාගත්තා.


සුපිරි පන්දුවාරයේදී කලම්බු කින්ග්ස් පිල ලකුණු 16 ක් ලබාගත්තා.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ කැන්ඩි් ටස්කර්ස් පිල පන්දුවාරය තුල රැස් කළේ ලකුණු 12 ක් පමණයි.

56076

ආසාදිතයන්

47984

සුවය ලැබූ

7816

දැනට රෝගීන්

276

මරණ

බෙදා හරින්න :

Similar Posts