ඇහැලියගොඩ දිවුරුම්පිටිය ඇඟලුම් කර්මාන්ත ශාලාවක සිදුකළ පීසීආර් පරික්ෂණවලදී තවත් ආසාදිතයින් 44 දෙනෙකු හදුනාගත් බව ඇහැලියගොඩ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී නන්දන මාරසිංහ මහතා පවසනවා.
එම ඇඟලුම්කම්හලෙන් ආසාදිතයින් 7 දෙනෙකු හදුනාගැනීමෙන් පසුවයි එහි 125 දෙනෙකු පීසීආර් පරික්ෂණවලට යොමු කෙරුණේ.
කොවිඩ් ආසාදිත බවට හඳුනාගත් පිරිස ඇහැළියගොඩ, කුරුවිට, වේයන්ගොඩ, දෙහිඕවිට, අවිස්සාවේල්ල, යටියන්තොට, රත්නපුර, පාදුක්ක, බෝකුන්දර, කොස්ගම, හෝමාගම, කරවනැල්ල ආදී ප්‍රදේශවල නිවෙස් නිරෝධායනය වෙමින් සිටි පිරිසකි.
කොවිඩ් -19 ආසාදිත මෙම රෝගීන් සියලුදෙනා කහවත්ත සහ ඇඹිලිපිටිය කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානය වෙත යොමු කර තිබෙනවා.
එහි 1200ක් වූ සේවකයින් ස්වයං නිරෝධායනයට ලක්කර තිබෙනවා.
56076
ආසාදිතයන්
47984
සුවය ලැබූ
7816
දැනට රෝගීන්
276