බූරවී සුලි කුණාටු තත්වය හේතුවෙන් උතුරු පලාතට පවතින අවධානම සලකා උතුරේ සියලුම පාසල් හෙට (03) සිට දින දෙකක් වසා තැබීමට පියවර ගත් බවට උතුරු පලාත් ආණ්ඩුකාර පී.එස්.එම්.චාල්ස් මහත්මිය පැවසුවාය.
බූරවී සුලි කුණාටු තත්වය අද සවස වන විට උතුරු පලාතට යම් අයුරකින් බවට කාලගුණ විද්‍යා දෙපාරතමේන්තුවෙන් නිවේදනය කිරීමත් සමග උතුරේ පාසල් ළමුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් මෙම පියවර ගත් බවට උතුරු පලාත් ආණ්ඩුකාර කාර්යාලය කියා සිටියි.
මේ අනුව උතුරු පලාතේ පාසල් හෙට (03) සහ අනිද්දා යන දිනයන්හි වසා තැබෙන අතරම ජනතාවටද ආරක්ෂාකාරීව ගමන් කටයුතු වලින් වැලකි නිවෙස් වෙතට වී සිටින ලෙසටද උතුරු පලාත් ආණ්ඩුකාර කාර්යාලය වැඩි දුරටත් පවසා සිටියේය. – වන්නි රොමේෂ් මධුෂංඛ
53408
ආසාදිතයන්
45820
සුවය ලැබූ
7324
දැනට රෝගීන්
270