ආසන්න පුවත් ප්‍රධාන-පුවත් වැඩියෙන් නැරඹූ

සුළි කුණාටු තත්ත්වයට හමුදාව සූදානමින්

බෙදා හරින්න :

තවත් පැය කිහිපයකින් දිවයිනට ඇතුළු වන බුරවි සුළි කුණාටුවෙන් පසු සිදුවිය හැකි ආපදා තත්ත්වයන්ට මුහුණදීම සදහා යුධ හමුදා සෙබළුන් සූදානමින් සිටින බව යුද්ධ හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

යුධ හමුදාපතිවරයා සදහන් කළේ ආපදා තත්ත්වයන් ඇති විය හැකි ප්‍රදේශ සොයාබලා එවැනි සියලු ස්ථානවල යුධ හමුදාවේ භට පිරිස් අතිරේක භට පිරිස් ස්ථාන ගත කර ඇති බවයි.

සුළි කුණාටුවෙන් පසු ඇති විය හැකි ආපදා තත්ත්වයන්ට මුහුණදීම සහ මහජනතාව රැකබලා ගැනීම සදහා ත්‍රිවිධ හමුදාවේ සාමාජිකයින් මේ වන විට සූදානමින් සිටින බව හමුදාපතිවරයා සදහන් කරයි.

එම කටයුතු නිසියාකාරව සිදුවනවා ද යන්න සොයා බැලීම සදහා යුධ හමුදාපතිවරයා අද (02) උදෑසන වවුනියාව බලා පිටත්ව ගොස් තිබේ. – Aruna

53408

ආසාදිතයන්

45820

සුවය ලැබූ

7324

දැනට රෝගීන්

270

මරණ

බෙදා හරින්න :

Similar Posts

Leave a Reply

Your email address will not be published.