නාසා ප්‍රිසවරන්ස් රෝවරය අඟහරු මතට ගොඩ බසී

Sri Lanka

විශේෂ ජයග්‍රහණ රැසකට ළගාවෙමින් නාසා ප්‍රිසවරන්ස් රෝවරය අද (19) අළුයම අඟහරු ග්‍රහයා මතට ගොඩබසිනු ලැබුවා.
ඒ මාස 7ක දීර්ඝ අභ්‍යවකාශ චාරිකාවකින් පසුවයි.
අඟහරුගේ ජෙසේරෝ ආවාටයට රෝවරය ගොඩබසිනු ලැබුවේ මිනිත්තු 7 ක භීෂණය ලෙස හදුන්වන තීරණාත්මක කාලය සාර්ථකය ජය ගනිමිනුයි.
මෙම යානය විශේෂත වන්නේ අඟහරුගේ ජීවී සාධක සොයාගැනීමට මෙම යානයට හැකියාව පවතින බවට පවතින විශ්වාසය මතයි.
ජෙසෝරෝ ආවාටය තුල භූගත ජලය , ජල අනු මෙන්ම පුරාණ ජීවී සාම්පල පවතින බවට සාධක ලැබී තිබෙනවා.
ඒ අනුව එම සාම්පල සොයා ගැනීම හා ඒවා යලි පෘථවියට ගෙන ඒමද මෙම රෝවරයෙන් සිදුකරන පරීක්ෂණවලට ඇතුලත්.
එසේම මෙම රෝවරයේ ඇතුලත් වන කුඩා හෙලිකොප්ටර් යානය අඟහරු මත පියාසර කරන අතර එය වෙනත් ලෝකයක හෙලිකොප්ටර්යානයක් පියාසර කරවන පළමු අවස්ථාවයි.

මේ වන විටත් චීන හා එමීර් රාජ්‍ය අභ්‍යවකාශ යානා 2ක් අඟහරුගේ කක්ක්ෂයේ පවතින අතර ඉන් චීන යානය ලබන මැයි මාසයේ අඟහරු මත ගොඩබෑමට නියමිතයි.

Lanka A News

79999

ආසාදිතයන්

74299

සුවය ලැබූ

5255

ප්‍රතිකාර ලබන

445

මරණ

පුවත යවන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *