මහනුවර, දිගන ප්‍රදේශයෙ ආශ්‍රිතව යළිත් සුළු භූ කම්පනයක් හටගෙන තිබෙනවා.
භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයේ සභාපති අනුර වල්පොල මහතා සඳහන් කළේ, අද අලුයම 5.41 ට පමණ මෙම කම්පන තත්ත්වය සිදුව ඇති බවයි.
පල්ලෙකැලේ හා මරදන්කඩවල භූ කම්පන නිරීක්ෂණ මධ්‍යස්ථානවල එය සටහන්ව තිබෙනවා.
එහි ප්‍රබලත්වය දැක්වෙන්නේ රික්ටර් පරිමාණයේ ඒකක දෙදකට ආසන්නවයි.
මේ අතර වික්ටෝරියා ජලාශයේ ස්ථාපිත භූ කම්පන මධ්‍යස්ථානයේ ද එය සටහන්ව ඇති බව ජලාශය භාර ඉංජිනේරුවරයා සඳහන් කළා.
53408
ආසාදිතයන්
45820
සුවය ලැබූ
7324
දැනට රෝගීන්
270