ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු අධිපතිවරයෙකු වූ අර්ජුන මහේන්ද්‍රන් මහතා මෙරටට උදර්පණය කරන්නැයි ශ්‍රී ලංකාව කර ඇති ඉල්ලීම සම්බන්ධයෙන් නීතිපති දප්පුල ද ලිවේරා මහතා සිංගප්පුරුවේ නීතිපතිවරයාට කරුණු පැහැදිලි කිරීමක් සිදුකර තිබෙනවා.
නීතිපතිවරයාගේ සම්බන්ධිකරණ නිලධාරී නිෂාරා ජයරත්න මෙනෙවිය සඳහන් කළේ, මේ සම්න්ධයෙන් නීතිපතිවරයා අධිකරණ අමාත්‍යාංශයේ ලේකම්වරයාට ලිඛිතව දැනුම් දී ඇති බවයි.
අර්ජුන මහේන්ද්‍රන් මහතා උදර්පණය කිරීම සම්බන්ධ ඉල්ලීම සිංගප්පුරුව තවමත් සලකා බලමින් සිටින බව ද එහි දක්වා තිබෙනවා.
පසුගියදා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කෙරුණේ අර්ජුන් මහේන්ද්‍රන් මහතා මෙරටට ගෙන්වීමේ ප්‍රමාදය හේතුවෙන් අදාළ පරීක්ෂණ සදහා ද බලපෑම් එල්ලවී ඇති බවයි.
53408
ආසාදිතයන්
45820
සුවය ලැබූ
7324
දැනට රෝගීන්
270