ශ්‍රී ලංකාවට ෆේස් බුක් තහනමක් අත ළග බවට පලවන වාර්තා බොරු / විශේෂඥයන් කියයි

Sri Lanka

ශ්‍රී ලංකාවට ෆේස් බුක් තහනමක් අත ළග බවට පලවන වාර්තා සාවද්‍ය බව තොරතුරු තාක්ෂණ විශේෂඥයන් පවසනවා.
ඕස්ට්‍රේලියාවේ ෆේස් බුක් සමාජ ජාලය භාවිතයේදී ප්‍රවෘත්ති හුවමාරු කිරීමට අදාළව පැනවූ සීමාවට සමාන තත්ත්වයක් ලංකාවටද අනාගතයේ බලපෑ හැකි බව ඇතැම් වාර්තා සදහන් කර තිබුණා.
කෙසේ වෙතත් විශේෂඥයන් පෙන්වා දෙන්නේ ඕස්ට්‍රේලියාවේ ෆේස් බුක් පුවත් වාරණය එරට රජය ගනු ලැබූ පුද්ගලික තීන්දුවක් මත පදනම් වූ තත්ත්වයක් බවයි.
තම රටේ ප්‍රවෘත්ති ආයතන ෆේස් බුක් තුල පළකරන පුවත් වෙනුවෙන් ෆේස් බුක් ආයතනය එම පුවත් ආයතනවලට මුදල් ගෙවිය යුතු බවට වන යෝජනාවක් ඕස්ට්‍රේලියානු රජය නීතිගත කර තිබුණා.
ඒ හැර සමාජ මාධ්‍ය නියාමන හෝ උපදෙස් මාලා පැනවීම මත එවන් සීමා පැනවීමට ෆේස් බුක් සමාගම කිසිදු පියවරක් ගෙන නැහැ.

එම තහනම ක්‍රියාත්මක වන්නේ පුවත් හුවමාරු කරන ෆේස් බුක් ගිණුම් සඳහා පමණක් වන අතර සාමාන්‍ය ෆේස් බුක් ගිණුම් වෙනුවෙන් එවන් තහනමක් ඕස්ට්‍රේලියාව  තුල පවා පනවා නොමැති බවයි විශේෂඥයන් පෙන්වා දෙන්නේ.
මේ අතර ලංකාවේ ෆේස් බුක් වැනි සමාජ ජාල තුල පුවත් පලකිරීම සඳහා ලියාපදිංචිය අනිවාර්ය කිරීමක් මෙතෙක් සිදුකර නොමැති බවයි බලධාරීන් පසුගියදා තහවුරු කළේ.

ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාද පසුගියදා ඒ බව තහවුරු කළා.



Lanka A News

82180

ආසාදිතයන්

77625

සුවය ලැබූ

4096

ප්‍රතිකාර ලබන

464

මරණ

පුවත යවන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *