මියන්මාර හමුදාව පළමු බිල්ල ගනී / විරෝධතාවලදී තරුණියක් මරුට

Sri Lanka

මියන්මාර හමුදා කුමන්ත්‍රණයට එරෙහි විරෝධතා අතරතුර පළමු මරණය වාර්තාවී තිබෙනවා.
ඒ පසුගිය පෙබරවාරි පළමුවනදා මියන්මාර පොලිසිය විරෝධතාකරුවන්ට සිදුකළ වෙඩි තැබීමකින් තුවාල ලැබූ තරුණියක් අද දිනයේ මරණයට පත්වීම සමගයි.
20 හැවිරිදි තරුණියක මෙසේ මරණයට පත්වූයේ ඇයගේ හිසට එල්ලවූ වෙඩි ප්‍රහාරයකින් තුවාල ලබා රෝහල්ගතව සිටි අතරතුරයි.
මෙම මරණය සමග මියන්මාර හමුදාවට එරෙහි විරෝධතා තවත් දැඩි වනු ඇති බවටයි අනතුරු ඇඟවෙන්නේ.
විරෝධතාකරුවන්ට විවිධ තර්ජන හා බලපෑම් එල්ල කරමින් පැවැතියද ඒ සඳහා එක්වන ප්‍රමාණය දිනෙන් දින වර්ධනය වන බවයි බී බී සී වාර්තා සදහන් කළේ.


මූලාශ්‍ර සහිත හොඳම තොරතුරු දැනගන්න. ලංකා ඒ නිවුස් සමඟ එක්වන්න.

Lanka A News

83094

ආසාදිතයන්

78947

සුවය ලැබූ

3683

ප්‍රතිකාර ලබන

471

මරණ

පුවත යවන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *