2020 LPL ශූරතාවය හිමිකර ගැනීමට ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායම අද සමත් වුණා.
ඒ ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායම ලකුණු 54 කින් පරාජයට පත් කරමින්.
තරගයේ පළමුව පන්දුවට පහරදුන් ස්ටැලියන්ස් පිල පන්දුවාර 20 අවසානයේ කඩුලු 6 ක් දැවී ලකුණු 188 ක් රැස් කළා.
ෂොහේබ් මලින් ලකුණු 46 යි.
තිසර පෙරේරා නොදැවී ලකුණු 39 යි.
ධනංජය ද සිල්වා ලකුණු 33 යි.
පන්දු යැවීමේදී ධනංජය ලක්ෂාන් කඩුලු 3ක් දවා ගත්තා.
පිළිතුරු ඉනිම ක්රීඩා කළ ග්ලැඩියේටර්ස් පිල පන්දුවාර 20 අවසානයේ කඩුලු 9ක් දැවී රැස් කළේ ලකුණු 135 ක් පමණයි.
භානුක රාජපක්ෂ ලකුණු 40 යි.
අසාම් ඛාන් ලකුණු 36 යි.
පන්දු යැවීමේ දී ෂොහේබ් මලික් හා උස්මාන් ෂින්වාරි කඩුලු 2 බැගින් දවාගත්තා.
5189
ආසාදිතයන්
47215
සුවය ලැබූ
7324
දැනට රෝගීන්
276