අමෙරිකානු කැපිටල් ගොඩනැගිල්ල ආක්‍රමණය කිරීමේ සිද්ධිය සඳහා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට චෝදනා කරමින් ඩිමොක්රටික් පක්ෂය දෝෂාභියෝග ලිපියක් ඉදිරිපත් කර තිබෙනවා.
ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් විරෝධතාකරුවන් එම කැරැල්ලට පොළඹවා ඇති බවටයි එම ලිපියෙන් චෝදනා ගොනුකර ඇත්තේ.
ට්‍රම්ප් මහතා ධුරයෙන් ඉවත් කිරීම සඳහා ව්‍යවස්ථාදායක බලතල ඉල්ලා ක්‍රියාත්මක නොවුණහොත් එය සෙනෙට් සභාවේ ඡන්ද විමසීමක් ඉදිරියට යනු ඇතැයි ඩිමොක්රටික් පක්ෂය නිවේදනය කළා.
මේ සම්බන්ධයෙන් අමෙරිකානු උප ජනපති මයික් පෙන්ස් විරෝධය පල කර ඇති බවද එම වාර්තා අනාවරණ කරනවා.
ජනාධිපතිවරයා අපේ ව්‍යවස්ථාවට, අපේ රටට සහ ඇමරිකානු ජනතාවට ආසන්න තර්ජනයක්. ඔහුව වහාම ධුරයෙන් ඉවත් කළ යුතුයි යනුවෙන් ඩිමොක්රටික් හවුස් කථානායක නැන්සි පෙලෝසි ප්‍රකාශයක් ද නිකුත් කර තිබුණා.
ට්‍රම්ප් මහතා ඉල්ලා අස්වීම හෝ ධුරයෙන් ඉවත් කිරීම හෝ දෝෂාභියෝගයක් ගෙන ඒම යන කරුණු සඳහා ඩිමොක්රටික් මෙන්ම රිපබ්ලිකන් පාක්ෂිකයන් අතර ද සාකච්ජා නිර්මාණය වී තිබෙනවා.
දෝෂාභියෝග යෝජනාව මගින් ජනාධිපතිවරයා තම ආධාරකරුවන් කැපිටල් ගොඩනැගිල්ලට කඩා වැදීමට ධෛර්යමත් කළ බවට චෝදනා කළද ජනාධිපතිවරයා විසින් එය ප්‍රතික්ෂේප කර තිබුණා.
එසේම ජනාධිපතිවරණයේ තම ජයග්‍රහණය වංචනිකව සොරකම් කළ බවටයි ඔහු චෝදනා කරනු ලබන්නේ.
කෙසේ වෙතත් ඩොනල්ඩ් ට්‍රම්ප් ජනවාරි 20 වන දින ධුරයෙන් ඉවත්වීමට නියමිත අතර, ඩිමොක්රටික් ජෝ බයිඩන් ජනාධිපති ලෙස දිවුරුම් දෙනු ඇති. ට්‍රම්ප් පවසා ඇත්තේ නව ජනාධිපතිවරයාගේ දිවුරුම් දීමේ උත්සවයට තමන් සහභාගී නොවන බවයි.
ජෝ බයිඩන් ද එම තීරණය පිළිබද සතුට පළ කර තිබෙනවා.
56076
47984
7816
276