වැඩියෙන් නැරඹූ විදෙස්

මුල්වරට ගෝරිල්ලන් දෙදෙනෙකුටත් කොරෝනා වැළදෙයි

බෙදා හරින්න :

කැලිෆෝනියාවේ සැන් ඩියාගෝ සත්ව උද්‍යානයේ ගෝරිල්ලන් දෙදෙනෙකුට කොරොන වයිරසය ආසාදනයවී තිබෙනවා.
එය වානරයන් වෙත වෛරසය ස්වාභාවික සම්ප්‍රේෂණය වූ පළමු අවස්ථාව බවයි නිවේදනය කර ඇත්තේ.
මෙම ගෝරිල්ලන් දෙදෙනා පසුගිය සතියේ සිට කැස්ස වැනි රෝග ලක්ෂණ පෙන්නුම් කර තිබුණා.
ඒ අනුව සිදුකළ කෝවිඩ් පරීක්ෂාවක දීයි එම සතුන්ට වෛරසය ආසාදිත බව හෙළිවී තිබුණේ.
සත්වෝද්‍යාන සේවකයෙකුගෙන් මෙම වෛරසය එම ගෝරිල්ලන් වෙත ළගාවූ බව විශ්වාස කෙරෙනවා.
මෙම සතුන් දෙදෙනා සම්පූර්ණ සුවය ලබනු ඇති බවටයි සත්වෝද්‍යාන බලධාරීන් විශ්වාසය පළ කරන්නේ.
ගෝරිල්ලන් හා මිනිසුන්ගේ ඩී එන් ඒ සියයට 98 ක් සමාන වන අතර එම තත්ත්වයද මෙම ආසාදනය සඳහා බලපා ඇති බවටයි විශ්වාස කෙරෙන්නේ.

56076

ආසාදිතයන්

47984

සුවය ලැබූ

7816

දැනට රෝගීන්

276

මරණ

බෙදා හරින්න :

Similar Posts