හිමාලයේ ඉන්දු – චීන හමුදා ගැටුමේ දර්ශන ,පළමුවරට හෙළිකරයි

Sri Lanka

ඉකුත් වසරේ ජුනි මාසයේ දී, ඉන්දු චීන දේශ සීමාවේ ගැල්වාන් නිම්නයේ හටගත් ගැටුම්කාරී තත්ත්වය අවස්ථාවේ ලබාගත් වීඩියෝවක් චීනය විසින් ප්‍රකාශයට පත් කර තිබෙනවා.
ඒ මෙම ගැටුමෙන් චීන සෙබළුන් 4 දෙනකු මිය ගිය බවට චීනය ඊයේ තොරතුරු හෙළිකිරීමෙන් පසුවයි.
ඒ අනුව චීන හමුදා විසින් පටිගත කළ මෙම වීඩියෝව තුල ඉන්දීය දේශසීමා ආරක්ෂකයන් ඉදිරියට පැමිණෙන ආකාරය හා මතභේදාත්මක තත්ත්වයක් හටගත් ආකාරය දැකගත හැකියි.

 


කෙසේ වෙතත් මෙම වීඩියෝව පිළිබද අදහස් දක්වන ඉන්දියාව පවසන්නේ ගැටුමේ සැබෑ තත්ත්වය මෙම වීඩියෝවේ ඇතුලත් නොවන බවයි.
සිය දේශසීමාව ආක්‍රමණය කර මුල්වරට චීන හමුදාව විසින් පහර දුන් බවද ඉන්දියාව අවධාරණය කළා.
මෙම ගැටුමේදී ඉන්දීය සෙබළුන් 20 දෙනකු මියගිය අතර චීන සෙබළුන් 45 ක් මිය ගිය බවයි ඉන්දියාව පවසන්නේ.
කෙසේ වෙතත් මේ දක්වාම සිය සෙබළුන්ට හානි නොවූ බව පැවසූ චීනය ඊයේ නිවේදනය කර තිබුණේ ගැටුමේදී මිය ගිය සෙබළුන් 4 දෙනකුට උසස්වීම් පිරිනැමූ බවයි.


මූලාශ්‍ර සහිත හොඳම තොරතුරු දැනගන්න. ලංකා ඒ නිවුස් සමඟ එක්වන්න.

Lanka A News

83094

ආසාදිතයන්

78947

සුවය ලැබූ

3683

ප්‍රතිකාර ලබන

471

මරණ

පුවත යවන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *