මතවාද

මැතිවරණ ප්‍රවර්ධන වියදම් නියාමනය කළ යුත්තේ ඇයි?

බෙදා හරින්න :

මහජන නියෝජිතයා යනු ජනතාවගේ නියෝජිතයා ය. ජනතාවගේ කැමැත්ත ක්‍රියාවට නගමින් ජනතාවගේ උපරිම යහපත වෙනුවෙන් කටයුතු කළයුතු තැනැත්තාය. මහජන නියෝජිතයෙකු ලෙස තේරීපත්වන්නේ ජනතා කැමැත්තෙනි. එම ජනතා කැමැත්ත ප්‍රකාශ විය යුත්තේ, බලපෑමකින් තොර නිදහස් වාතාවරණයක් තුළය. අප සලකා බැලිය යුත්තේ, මෙරට පැවැත්වෙන මැතිවරණවලදී කොතරමි දුරකට ජනතා කැමැත්ත බලපෑමකින් තොරව ප්‍රකාශවන වටපිටාවක් පවතින්නේද යන්න ය. එපමණක් නොව තේරී පත්වන ජනතා නියෝජිතයන්ට වෙනත් බලපෑමකට නතු නොවී ජනතා කැමැත්ත ක්‍රියාවට නැගීමට ඇති හැකියාව සමිබන්ධවයි.
මජර දේශපාලන සංස්කෘතිය
මැතිවරණ යැයි පැවසූ සැනින් අපගේ මතකයට නැගෙනුයේ එතරමි පැහැදිලි චිත්‍රයක් නොවෙි. ධන බලය සහ මැර බලය යනු කරුණු දෙක මැතිවරණයක දී ඉස්මතුව පෙනෙන කරුණකි. දැනට පවත්නා මැතිවරණ නීති අනුවත් ඡ්න්දය අපේක්ෂාවෙන් මුදල් සහ භාණ්ඩ බෙදීම තහනමි වෙි. නමුත් නීතියට හසු නොවී එවැනි කටයුතු කොතෙකුත් සිදු වෙමින් පවතී. එමෙන්ම ප්‍රචාරණ කටයුතු සදහා විශාල වශයෙන් මුදල් වියදමි කරන තත්වයක් ඇතිවී තිබෙි. ජනතා නියෝජිතයන් ලෙස පත්වීමට සිටින අපේක්ෂකයන් මුදල් සහ වෙනත් සමිපත් සපයා ගන්නා ආකාරය හෝ එම මුදල් සමිපත් වැයකරන ආකාරය කිසිදු ලෙසකින් පරීක්ෂාවට ලක් කෙරෙන යාන්ත්‍රණයක් අප මැතිවරණය නීතිය තුළ නොමැත. එවන් වාතාවරණයක් තුළ විශාල වශයෙන් මුදල් යෙදවිය යුතු මැතිවරණ සංස්කෘතියක් ගොඩනැගී තිබෙි.
අසමාන තරග බිමක්
මැතිවරණ ව්‍යාපාර වලදී මුදල ප්‍රමුඛ කරුණ බවට පත්වීම කිසිසේත්ම යහපත් ප්‍රවණතාවයක් නොවේ. එහි එක් මූලික ප්‍රතිවිපාකයක් වන්නේ, අසමාන තරග බිමක් නිර්මාණය වීමයි. මුදල් බලය සහිත අපේක්ෂයන්ට ඉතා පහසුවෙන් ප්‍රචාරණ කටයුතු සිදුකරගැනීමට හැකිවීමත්, තම මැතිවරණ පොරොන්දු ජනතාව වෙත ගෙනයැමට වැඩි ඉඩකඩකුත් ලැබෙි. ආර්ථික හැකියාව අතින් පසුපසින් සිටින අපේක්ෂකයන් එම නිසා අගතියට පත් වෙි. මෙම තත්වය හේතුවෙන් ‘සල්ලි නැතිව ඡන්ද කරන්න බෑ’ යන මනෝභාවය සමාජය තුළ වර්ධනය වී තිබෙි. ඇතැමිවිට මෙම ආර්ථික සාධකය නිසා මැතිවරණවලට ඉදිරිපත්වීම සමිබන්ධයෙන් පුද්ගලයන් අධෛර්යට පත්විය හැකිය. එහි අවසන් ප්‍රතිපලය වන්නේ සැබෑ ජනතා නියෝජිතයන් වෙනුවට මුදල් බලය සහිත මුදලාලි සහ ව්‍යාපාරික පැලැන්තියක් ජනතා නියෝජන භූමිකාව අත්පත් කරගැනීමයි. බොහෝවිට එවැනි පුද්ගලයන්ගේ අභිලාෂය වන්නේ තමන්ගේ ව්‍යාපාරික ඉඩප්‍රස්ථා වර්ධනය කරගැනීම සහ එකී කටයුතු සදහා අවශ්‍ය දේශපාලන බලය සපයා ගැනීම විය හැකිය.
ජනතා කැමැත්ත මෙහෙයවීම
මැතිවරණයක් අභිමුව අපේක්ෂකයන් විසින් තමන්ගේ ප්‍රතිපත්ති, ඉදිරි වැඩපිළිවෙල සහ එකි වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන ආකාරය පමණක් ජනතාව හමුවෙි තැබීම ප්‍රමාණවත් ය. නමුත් එතනින් නොනැවතී මුදල් බලය යොදවමින් ඡන්දය ලබා ගැනීම සදහා සිදුකරන සියලු කටයුතු ජනතා කැමැත්ත බලපෑමෙන් මෙහෙයවාගැනීම සදහා දරන උත්සහයන් වෙි. ජනතාව තම ඡන්දය ලබාදිය යුත්තේ, තමන්ට ලැබෙන වරප්‍රසාද මත පදනමිව නොවෙි. අසීමිත ලෙස මුදල් යෙදවීම තුළ ජනතා කැමැත්ත යටපත්ව වෙනත් අභිලාෂ ඉස්මතු වන බව වර්තමාන දේශපාලන සන්දර්භය දෙස බැලූ විට දක්නට ලැබෙන කරුණක් වෙි.
නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදයේ යහපැවැත්ම
නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදයේ මූඛ්‍ය පරමර්ථය වන්නේ මහජන නියෝජිතයන් ජනතාවගේ උපරිම යහපත වෙනුවෙන් පෙනී සිටීමයි. නමුත් ජනතා නියෝජිතයෙකු ලෙස තේරීපත්වීම සදහා අපේක්ෂකයන් විශාල මුදලක් යෙදවීම නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදය සමිබන්ධයෙන් අයහපත් බලපෑමි ඇති කර තිබෙි. විවිධ පුද්ගලයන්, සමාගමි අපේක්ෂකයන්ගේ මැතිවරණ ප්‍රවර්ධන ව්‍යාපාර සදහා අසීමිතව වියදමි කරයි. එහි අවසන් ප්‍රතිඵලය වන්නේ තේරී පත්වන මහජන නියෝජිතයාට තමන්ට මුදල් යෙදවූ පුද්ගලයන්ගේ, සංවිධානවල අරමුණු වෙනුවෙන් පෙනී සිටීමට සිදුවීමයි. මහජන අභිලාෂ වෙනුවට වෙනත් දෑ වෙනුවෙන් පෙනී සිටීම වනාහී නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදයේ පැවැත්ම අභියෝගයට ලක් කෙරෙන්නකි. වර්තමානයේ පවා අපට අභිමුඛ වන්නේ මෙලෙස අර්බුදයට ලක්වූ මහජන නියෝජිත භූමිකාවයි. අපෙක්ෂකයා උගත් ද බුද්ධිමත් ද යන්න පමණක් නොව එම තැනැත්තා කොතරමි දුරට වෙනත් පුද්ගලයන්ගේ බලපෑමිවලින් තොර පුද්ගලයෙක්ද යන්න ඉතාම වැදගත් වෙි. වර්තමාන සමාජය තුළ නිසි පරිදි ක්‍රියාවට නොනැගුනත් මැතිවරණ අපේක්ෂකයන් සතුව පැවතිය යුතු සුදුසුකමි සමිබන්ධයෙන් යමි සමාජ කතිකාවක් ආරමිභ වී තිබෙි. එකී කතිකාව වඩාත් පුලුල් ලෙස ඉදිරියට යැමට නමි තම මැතිවරණ අපේක්ෂකයන් මූල්‍ය සහ වෙනත් බලපෑමිවලට ලක්වීමෙි හැකියාව පිළිබදවද ජනතාව සැලකිලිමත් විය යුතු වෙි.
මැතිවරණ ප්‍රවර්ධන මූල්‍ය සීමාවන්
ලෝකයේ බොහෝ රටවල් නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදය විකෘතියක් බවට පත්වීම වළක්වා ගැනීමෙි අරමුණෙන් විවිධ නිති ප්‍රතිසංස්කරණ සිදුකරයි. ඒ අතර විශේෂත්වයක් ගන්නේ මැතිවරණ ව්‍යාපාරවල මූල්‍ය සීමාවන් සමිබන්ධයෙන් හදුන්වා දෙනු ලබන නීති ප්‍රතිසංස්කරණයි. කැනඩාව සහ එංගලන්තය වැනි රටවල් දශක ගණනාවක් තිස්සේ මැතිවරණ වියදමි සමිබන්ධයෙන් සීමා පනවා ඇත. නවසීලන්තය, චිලී, ප්‍රංශය, ඊශ්‍රායලය, බෙල්ජියම, දකුණු කොරියාව වැනි රටවල් මෑතකදී එකී රටවල මැතිවරණ මූල්‍ය බලපෑමෙන් නිදහස් කිරීම සදහා නීති පනවා ඇත.
ශ්‍රී ලංකාව තුළත් මැතිවරණ ප්‍රවර්ධන මූල්‍ය සීමාව සම්බන්ධයෙන් යම් සාකච්ඡාවක් ඇති වී තිබුණද ඒ සම්බන්ධයෙන් සාධනීය ප්‍රතිචාරයක් ව්‍යවස්ථාදායකයෙන් මෙතෙක් ලැබී නැත. මැතිවරණයක් සමිපූර්ණයෙන් නිදහස් හා ස්වාධීනව පැවැත්වීමට නමි මූල්‍ය සීමාවන් සමිබන්ධව ද විෂේශ අවධානයක් දැක්විය යුතුය. අපේක්ෂකයෙකුට සහ පක්ෂවලට ආධාර ලබාගත හැකි මූලාශ්‍ර සහ සීමාවන්, මැතිවරණය සදහා වියදමි සීමාවන් දැක්වීම අවශ්‍ය වෙි. විනිවිදභාවයකින් යුක්තව තමන්ගේ මැතිවරණ මූල්‍ය කටයුතු වාර්තාගත කිරීම සහ මැතිවරණ කොමිෂන් සභාවට වාර්තා කිරීමට බලකෙරෙන යාන්ත්‍රණයක් ද එකී නෛතික රාමුවට ඇතුළත් කළ යුතු වෙි.  එකී සීමාවන් නිසි පරිදි ක්‍රියාත්මක වන්නේද යන්න අධීක්ෂණය කිරීමට යාන්ත්‍රණයක් ද අවශ්‍ය වෙි.
අපේක්ෂකයන් විසින් ඇතැමිවිට මෙකී මූල්‍ය නියාමන නීති රාමුව තමන්ට කරදරකාරී සහ වැඩ අධික කරවන බවටත් අපේක්ෂක නිදහසට බාධාවක් බවටත් තරක ඉදිරිපත් කරනු දැකිය හැකිය. නමුත් මහජන නියෝජිතයා යනු ඉතාම වගකීමිසහගතව කටයුතු කළ යුතු තැනැත්තෙකි. විනිවිදභාවයක් සහිතව කටයුතු කළ යුතු අයෙකි. එම නිසා සැබෑ මහජන නියෝජිතයෙකු බිහිකරගැනීම සදහා අවශ්‍ය වන නීති රාමුවක් ප්‍රතික්ෂේප කිරීමට ජනතා නියෝජිතයන්ට නොහැක.
වත්මන් ජනාධිපතිවරයාගේ සෞභාග්‍ය දැක්ම ප්‍රතිපත්ති මාලාවෙි 9 පිටුවේ පහත පරිදි දක්වා තිබේ.
මැතිවරණය සඳහා දැවැන්ත මුදලක් වියදම් කිරීමේ සංස්කෘතිය හේතුවෙන් දේශපාලකයින් සහ ජාවාරම්කරුවන් අතර අනිසි බැඳියාවක් ගොඩනැගෙනවා වගේම ජාවාරම්කරුවන් දේශපාලනයට පැමිණීමේ ප්‍රවණතාවක් ඇති බව සත්‍යයකි‘ එබැවින් දේශපාලකයින්ට මැතිවරණයක දී විදයම් කළ හැකි උපරිම මුදල තීරණය කිරීමටත් එකී උපරිමය ඉක්මවා කටයුතු කරනවාදැයි අධීක්‍ෂණය කිරීමටත් මැතිවරණ කොමිසමට බලය පැවරෙන නීති සම්පාදනය කරනු ලැබේ.
ඒ අනුව ස්වකීය ප්‍රතිපත්ති ප්‍රකාශය පොරොන්දු වූ පරිදි ක්‍රියාවට නගන්නේ නම් මැතිවරණ වියදම් සීමාකිරීමේ නීතියක් ගෙනඒමේ හැකියාව වර්තමාන ආණ්ඩුවට පවතී. ඒ නිසා තවදුරටත් මෙම  මැතිවරණ සංස්කෘතිය ජරා ජීර්ණ බවට පමුණුවන ලක්ෂණ නඩත්තු කරනවාද නැද්ද යන්න තීරණය කිරීමේ හැකියාව ඇත්තේ ද ආණ්ඩුවටම ය. ජනතාව විසින් දැනටමත් ඒ සදහා කැමැත්ත දක්වා දක්වා අවසන් ය.

නීතිඥ ජයන්ත දෙහිඅත්තගේ විසින් ලියන ලද ලිපියකි.

56076

ආසාදිතයන්

47984

සුවය ලැබූ

7816

දැනට රෝගීන්

276

මරණ

බෙදා හරින්න :

Similar Posts