ආශ්‍රිත පුවත්

වවුනියාවේ විශාලතම වැව ඇතුලු සියලුම වැව් වාන් දමයි

බෙදා හරින්න :

වව්නියාව දිස්ත්‍රීක්කයට ඇදහැලෙන ධාරාණිපාත වර්ෂාව හේතුවෙන් වව්නියාවේ විශාලතම වැව වන පාවක්කුලම් ඇතුලු සියලුම වැව් වාන්දැමීම මේ දිනවල සිදුවන බවට වව්නියාව වාරිමාර්ග නිලධාරී කාර්යාලය පවසයි.

වැව්නිමා පුරවරය නොහොත් වව්නියාවේ කුඩා වැව්, මධ්‍ය පරිමාණයේ වැව් සහ මහවැව් 600 කට ආසන්න ඇති අතර මේ වන විට සියලුම වැව් වාන්දැමීම ආරම්භ වී ඇත.

කෙසේ වෙතත් කුඩා වැව් වලට අමතරව මහවැව්ද වාන් දැමීම හේතුවෙන් පහත්බිම් වල සිටින ජනතාවට වාන් ජලය හේතුවෙන් ගංවතුර තත්වයක් ඇති වීමට ඉඩ ඇති හෙයින් අවධානයෙන් සිටින ලෙසටද වව්නියාව ආපදාකලමනාකරන නිලධාරී කාර්යාලය විසින් ජනතාවට දැනුම් දී ඇත.

මේ අතර වවුනියාවේද ප්‍රදේශ කිහිපයක වූ කලුකුණ්නම්මඩුව, වෛරවපුලියන්කුලම්, පූන්තොට්ටම්, උක්කුලාන්කුලම් සහ නෙළුක්කුලම් ආදි ප්‍රදේශයන්හි ජනතාවට ඇදහැලෙන ධාරාණිපාත වර්ෂාව හේතුවෙන් ගංවතුර තත්වයන් ඇතිවීමෙන් පුද්ගලයින් 200 කට ආසන්න පිරිසක් පීඩාවන්ට පත්ව සිටිති.

56076

ආසාදිතයන්

47984

සුවය ලැබූ

7816

දැනට රෝගීන්

276

මරණ

බෙදා හරින්න :

Similar Posts