සිව් වසරක සිර දඩුවමක් නියම වූ රන්ජන් රාමනායක මහතා ආරක්ෂා සහිතව මීගමුව පල්ලන්සේන තරුණ වරදකරුවන්ගේ විශෝධන පුහුණු මධ්‍යස්ථානයේ, නිරෝධායන මධ්‍යස්ථානය තුළ වෙනම කුටියක රඳවා ඇතැයි බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක(කොමසාරිස් පාලන) චන්දන ඒකනායක මහතා පැවසුවා.
දින 14ක් එහි රදවා පී සී ආර් පරීක්ෂණයකට ලක් කිරීමෙන් පසු රාමනායක මහතා බන්ධනාගාරයක් වෙත යොමුකිරීමටයි නියමිත වන්නේ.
ඔහුට පිටතින් ගෙන එන ආහාර ලබා ගැනීමට අවසර නොමැති බවත් බන්ධනාගාරයෙන් සැපයෙන ආහාර පමණක් ලබාදෙන බවත් මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියා.
පවත්නා තත්ත්වය තුල රාමනායක මහතා මුණගැසීමට අමුත්තන්ට අවසර ලබාදීමක් ද සිදුවන්නේ නැහැ.
56076
ආසාදිතයන්
47984
සුවය ලැබූ
7816
දැනට රෝගීන්
276