නැගෙනහිර පර්යන්තය විකුණන්නේ නෑ /බදු දෙන්නේ නෑ -ජනපති කියයි

බෙදා හරින්න :
කොළඹ වරායේ, නැගෙනහිර පර්යන්තය විකිණීම හෝ බදු දීම හෝ නොකරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා  වරාය වෘත්තීය සමිති නියෝජිතයන්ට දැනුම්දී තිබෙනවා.
පසුගිය රජය නැගෙනහිර පර්යන්තය ඉන්දියාවට විකිණීමට ගිවිස ගෙන තිබූ අතර විකිණීමෙන් පසු ජපානයෙන් ණයක් ගැනීමත්, ණය මුදලින් ඉදිකිරීම් සඳහා වන උපකරණ මිලදී ගැනීමත් ගිවිසුමට ඇතුළත් වූ බවයි ජනාධිපතිවරයා පවසා ඇත්තේ.
ගිවිසුම පිළිබඳව වත්මන් රජය ඉන්දියාව සමග කළ සාකච්ඡාවලින් පසු 51%ක අයිතිය සහ පර්යන්තයේ පාලනය ශ්‍රී ලංකා වරාය අධිකාරිය යටතේ තබා ගැනීමේ එකඟතාවට පැමිණීමට හැකි වූ බව ජනාධිපතිවරයා පෙන්වා දී තිබෙනවා.
රට තුළ කෙරෙන ආයෝජන මගින් රටේ ස්වෛරීභාවයට හෝ ස්වාධීනත්වයට හෝ කිසිදු හානියක් වීමට තමා ඉඩ නොතබන බවද ජනාධිපතිවරයා අවධාරණය කර තිබුණා.
වෘත්තීය සමිති කළ ඉල්ලීමට අනුව කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය සම්බන්ධයෙන් අද (13) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේදී යි මෙම අදහස් පල කර තිබුණේ.
පසුගිය රජය විසින් හම්බන්තොට වරාය 99 වසරකට චීන රජයට සම්පූර්ණයෙන් බදු දී තිබූ අතර තමා බලයට පත්වීමෙන් පසු චීනය සමග සාකච්ඡා කර වරායට අයත් මුහුදු ප්රීදේශයේ ආරක්ෂාව පිළිබඳ වගකීම රජය යටතට ගත් බව රාජපක්ෂ මහතා පවසා තිබෙනවා.
56076

ආසාදිතයන්

47984

සුවය ලැබූ

7816

දැනට රෝගීන්

276

මරණ

බෙදා හරින්න :