අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව මත සිර දඩුවම් නියම වූ පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායකට පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය අහිමි නොවන බව සමගි ජන බලවේගය අද ප්‍රකාශ කළා.
මාධ්‍ය හමුවක් අමතමින් පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා කියා සිටියේ ව්‍යවස්ථාව මගින් අධිකරණයට අපහාස කිරීම සඳහා සිරගත කිරීමේ කාල සීමාව නියම කර නොමැති බවයි.
ඒ අනුව රන්ජන් රාමනායක මහතාගේ මන්ත්‍රී ධූරය අහෝසි කිරීම සඳහා මෙම සිර දඩුවම භාවිත කළ නොහැකි බවද ඔහු පැවසුවා.
So, if the minimum sentence for contempt of court is not specified how will @RamanayakeR lose his seat in Parliament since for that to happen he must serve 6 mo for an “offence punishable w imprisonment for a term not less than two years” as per the #SriLanka Constitution. https://t.co/mtUq7oeGK0
— Harsha de Silva (@HarshadeSilvaMP) January 13, 2021