Thursday, January 21

ඉන්දියාව ප්‍රහාරක යානා 83 ක් හදිසියේ මිලදී ගැනීමට යයි

බෙදා හරින්න :

ඉන්දීය හමුදාවට ප්‍රහාරක ගුවන් යානා 83 ක් හදිසියේ මිලදී ගැනීම සඳහා ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා අනුමැතිය ලබා දී තිබෙනවා.
තේජස් ලෙස හදුන්වන සැහැල්ලු ප්‍රහාරක ගුවන් යානා 73 ක් හා පුහුණු යානා 10ක් මෙහිදී මිලදී ගැනීමට නියමිත බවයි එන් ඩී ටී වී වාර්තා කළේ.
ඉන්දියාව තුලම නිෂ්පාදනය කරන මෙම යානා ඉන්දීය ගුවන් හමුදා ශක්තිය වර්ධනය වෙනුවෙන් භාවිත කිරීමට නියමිත වනවා.

චීනය හා පකිස්ථානය සමග මතුවිය හැකි අර්බුධකාරී තත්ත්වයන් මුල් කර ගනිමින් ඉන්දියාවේ යුධ ශක්තිය වර්ධනය කෙරෙන අතර එහි එක් අදියරක් ලෙසයි මෙය නම් වන්නේ.

56076

ආසාදිතයන්

47984

සුවය ලැබූ

7816

දැනට රෝගීන්

276

මරණ

බෙදා හරින්න :