අගමැති ආරක්ෂක අංශයට අනුයුක්තව සේවයේ යෙදී සිටින පොලිස් කොස්තාපල්වරියකට කොරෝනා වෛරසය ආසාදනය වී තිබෙනවා. ඇය හල්දුම්මුල්ල හාල්අටුතැන්න ප්‍රදේශයේ පදිංචිකාරියක්.
මෙම පොලිස් කොස්තාපල්වරිය හල්දුම්මුල්ල ප්‍රදේශයේ පිහිටි සිය නිවසට පසුගිය 12 වනදා පරීක්ෂාවට ලක් කර තිබුණා.
ඇය තමන්ගේ විවාහ මංගල්‍ය උත්සවය යෙදී ඇති බැවින් ඊට අදාල වැඩ කටයුතු සඳහා ප්‍රදේශයේ ස්ථාන රැසකට ගමන් කර ඇති බවයි හෙළිව ඇත්තේ.
මෙම පොලිස් කොස්තාපල්වරියගේ ආශ්රීතයන් හදුනාගැනීම මේ වන විට සිදුකරමින් පවතිනවා.
51594
ආසාදිතයන්
44259
සුවය ලැබූ
7080
දැනට රෝගීන්
255