ආශ්‍රිත පුවත් ප්‍රධාන-පුවත් වැඩියෙන් නැරඹූ

ලංකාවෙන් හමුවූ නව කොරෝනා ප්‍රභේදය පැතිරීමේ හැකියාව ඉහළම මට්ටමක

බෙදා හරින්න :

මෙරටින් හදුනාගත් කොරෝනා වෛරසයේ නව ප්‍රභේදයේ සම්ප්‍රේෂණ හැකියාව පෙර පැවති වෛරස විකෘතිවලට වඩා ඉහළම මට්ටමක පවතින බව නවතම අධ්‍යයනයකින් හෙළි වී තිබෙනවා.

ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ප්‍රතිශක්තිකරණ හා අණුක වෛද්‍ය අධ්‍යයනාංශයේ අධ්‍යක්ෂ චන්දිම ජීවන්දර මහතා පැවසුවේ මේ සම්බන්ධයෙන් සිදුකළ පරීක්ෂණවලදී මෙම කරුණු හෙළිවූ බවයි.

එක්සත් රාජධානියේ පැතිරී ඇති කොවිඩ් 19 ප්‍රභේදය මෑත අධ්‍යයනයකින් ශ්‍රී ලංකාවෙන් සොයාගත් බවත් එහි විකෘතීන් රැසක් පවතින බවත් ඔහු කියා සිටියා.

කෙසේ වෙතත් නව ප්‍රභේදය ශ්‍රී ලංකාව තුළ පැතිරීමවැළැක්වීම සහතික කිරීම සඳහා අවශ්‍ය සියලු පූර්වාරක්‍ෂක පියවර ගෙන ඇති බව ද චන්දිම ජීවන්දර මහතා කියා සිටියා.
ජනතාව තවදුරටත් පූර්ව ආරක්ෂිත පියවර ගැනීම ද මෙම අවදානම අවම කරන බවයි පර්යේෂකයන් පවසන්නේ.
මෙම තත්ත්වය සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය ද විශේෂ අවධානයක් යොමුකර තිබෙනවා.

51594

ආසාදිතයන්

44259

සුවය ලැබූ

7080

දැනට රෝගීන්

255

මරණ

බෙදා හරින්න :

Similar Posts