මතවාද වැඩියෙන් නැරඹූ විදෙස්

දෝෂාභියෝගය පැරදුණොත් ට්‍රම්ප්ට මොකක් වෙයිද? නැතිවෙන්නේ මොනවාද ?

බෙදා හරින්න :

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට  එරෙහි දෙවන දෝෂාභියෝගය ද මේ වන විට සෙනෙට් සභාව හමුවට ඉදිරිපත්ව තිබෙනවා.
ඒ එවන් ඉරණමකට ලක්වූ පළමු අමෙරිකානු ජනපති බවට පත්වෙමින්.
ධූරයෙන් ඉවත්වීමට තවත් දින 6ක් ඉතිරිව තිබියදී යි ඩොනල්ඩ් ට්‍රම්ප් ට එරෙහිව දෝෂාභියෝගය ඉදිරිපත්ව ඇත්තේ.
ඒ අනුව නියමිත දිනට පෙර ඔහු ජනපති ධූරයෙන් ඉවත් කළ හැකි ද යන්න පිළිබද අමෙරිකානු ව්‍යවස්ථා විශාරදයන් කරුණු දක්වා තිබෙනවා.
බ්‍රිජ්හැම් යන්ග් විශ්ව විද්‍යාලයේ දේශපාලන විද්‍යාව පිළිබඳ මහාචාර්ය ආචාර්ය රිචඩ් ඩේවිස් පවසන්නේ ජනපති ට්‍රම්ප් දෝෂාභියෝගයකට ලක් කර ඉවත් කිරීමට ප්‍රමාණවත් කාලයක් නොමැති බවයි.
ජනපතිවරයා දෝෂාභියෝගයට ලක් කිරීම සඳහා සෙනෙට් නඩු විභාගයක් හා ඡන්ද විමසීමක් සිදුකළ යුතු වුවද ඉදිරි දින 6 ඊට ප්‍රමාණවත් නොවන බවයි ඔහු පවසන්නේ.
ජනවාරි 20 ට පෙර සෙනෙට් සභාව විසින් ඔහුව ධුරයෙන් ඉවත් කළහොත් පමණක් ජනාධිපතිවරයාට ධුරය අහිමි වනු ඇති.
හිටපු ජනාධිපතිවරුන්ගේ පනත මගින් අමෙරිකාවේ හිටපු ජනාධිපතිවරුන්ට ඩොලර් 200,000 ක වාර්ෂික විශ්‍රාම වැටුපක්, සංචාරක දීමනාවක්, ජීවිත කාලය රහස් සේවා විස්තර සහ තවත් බොහෝ පහසුකම් ලබා දෙනු ලබනවා.
ජනවාරි 20 ට පෙර සෙනෙට් සභාව විසින් ඔහු ධුරයෙන් ඉවත් කිරීමට ඡන්දය ලබාදුනහොත් ජනාධිපතිවරයාට මෙයින් මූල්‍ය දීමනා අහිමිවන අතර ආරක්ෂාව වැනි පහසුකම් ඉවත් කිරීමක් සිදුවන්නේ නැහැ.

කෙසේ වෙතත් දෝෂාභියෝගයකට ලක් කළහොත් ට්‍රම්ප් ට එරෙහි දැවැන්තම හානිය වන්නේ 2024 දී යලි ජනපති ධූරයට තරග කිරීමේ හැකියාව අහිමිවීමයි.

“මම හිතන්නේ නැහැ එහි ප්‍රතිලාභ ඔහුට වැදගත් වේවි කියා.ග ඔහු දැනටමත් ඉතා ධනවත් .ඔහුට විශ්‍රාම වැටුප් මුදල් හෝ ඒ කිසිවක් අවශ්‍ය නැහැ. නමුත් මෙහි සැබෑ පිරිවැය නම් ඔහුට නැවත ජනපති ධුරයට තරඟ කළ නොහැකි වීමයි. ඔහු සිය දෙවන ධුර කාලය අවසානයේ සිටියේ නම් එය ගැටළුවක් වන්නේ නැහැ. මොන තත්ත්වයක් තිබුණත් ට්‍රම්ප් තවමත් ජනප්‍රියයි. 2024 දී ඔහු බයිඩන්ට එරෙහි සුපිරි ප්‍රතිවාදියෙක් විය හැකියි. එය වැළැක්වීම මෙම දෝෂාභියෝගයේ අරමුණක් විය හැකියි.”   (ආචාර්ය රිචඩ් ඩේවිස්)

 – අමල් අල්මේදා

51594

ආසාදිතයන්

44259

සුවය ලැබූ

7080

දැනට රෝගීන්

255

මරණ

බෙදා හරින්න :

Similar Posts