මදුරන්කුලිය ප්‍රදේශයේ කර්මාන්තශාලාවක තවත් සේවිකාවන් 7 දෙනෙකු කොවිඩ්-19 ආසාදිතයන් බව අද හඳුනා ගැනුනා.
මුන්දලම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය පැවසුවේ ආසාදිත සේවිකාවන් මුන්දලමල, පුත්තලම, හා මහකුඹුක්කඩවල පදිංචිකාරියන් බවයි.
එම කම්හලෙන් මීට පෙර ද ආසාදිතයන් 8 දෙනකු හදුනා ගනු ලැබුවා.
එහි තවත් සේවක සේවිකාවන් 74 දෙනකු පරීක්ෂාවන්ට යොමුකර ඇති අතර ඊට අදාළ වාර්තා ලැබීමට නියමිතයි.
ඔවුන්ගේ ආශ්‍රිතයින් 500 ක පමණ පිරිසක් සම්බන්ධයෙන් ද මේ වන විට අවධානය යොමුව තිබෙනවා.
ආසාදිතයන් වාර්තාවෙමින් පැවතිය දීත් එම කම්හල තවයදුරටත් ක්‍රියාත්මක වීම ගැටළුකාරී බවයි ප්‍රදේශවාසීන් පවසන්නේ.
51594
ආසාදිතයන්
44259
සුවය ලැබූ
7080
දැනට රෝගීන්
255