මාස 8කට පසුව මුල්වරට චීනයෙන් කොරෝනා ආසාදිත මරණයක් වාර්තා වී තිබෙනවා.
අල්ජසීරා පුවත් සේවය වාර්තා කළේ පසුගිය වසරේ මැයි මාසයෙන් පසු එරටින් කොරෝනා ආසාදිත මරණයක් මේ දක්වා වාර්තා වී නොතිබුණ බවයි.
කෙසේ වෙතත් යළි කොරෝනා අවදානම වර්ධනයවීම හේතුවෙන් චීනයේ කෝටි 2ක පිරිසක් වාසය කරන කලාපයක් හුදකලා කර තිබෙනවා.
ඊයේ දිනයේ පමණක් එරටින් ආසාදිතයන් 138 ක් වාර්තාවීම ඊට හේතුවයි.
හෙබෙයි ප්රාන්තයෙන් මෙම කොරෝනා ආසාදිත මරණය වාර්තාවී තිබෙනවා.
එරට වාර්තාවන් පෙන්වා දෙන්නේ මේ වන විට ප්රතිකාර ලබන කොරෝනා ආසාදිතයන් ගණන 885 ක් දක්වා වර්ධනයවී ඇති බවයි.
ඉන් 24 දෙනකු දැඩි සත්කාර ඒකකයන්ට ඇතුලත් කර තිබෙනවා.
51594
ආසාදිතයන්
44259
සුවය ලැබූ
7080
දැනට රෝගීන්
255