ලංකාව චීනයට ලංවීම ගැන ඉන්දියාව නොසතුටින්

ශ්‍රී ලංකාව වැනි රටවල් චීනය හා සම්බන්ධවීම ඉතා හොඳ තත්ත්වයක් සුබවාදී තත්ත්වයක් ලෙස නොසලකන බව ඉන්දීය යුද හමුදා ප්‍රධානී බිපින් රාවට් ප්‍රකාශ කර තිබෙනවා.
ඒ පී ටී අයි පුවත් සේවය වෙත පසුගිය 12 වනදා අදහස් දක්වමින්.
ඉන්දීය  සහ පකිස්ථාන දේශසීමාව හා සමානවම ඉන්දීය චීන දේශසීමාව පිළිබඳව ද අවධානය යොමු කළ යුතු බව ඉන්දීය හමුදා ප්‍රධානීයා මෙහීදී සදහන් කර තිබුණා.
මේ වන විට ලංකාව වැනි රටවල් චීනයට වඩාත් සමීප වීම චීනයේ දකුණු ආසියාතික රටවල් සම්බන්ධ නව සැලසුමේ ප්‍රතිඵලයක් ලෙසයි මෙහිදී නම් කර ඇත්තේ.
ඉදිරියේදී චීනය සහ ඉන්දියාව අතර ඉතා හොද මිත්‍රත්වයක් පවත්වාගෙන යා යුතු බව සඳහන් කරන ඉන්දීය හමුදා ප්‍රධානීයා ශ්‍රී ලංකාව වැනි රටවලට උපකාර කරමින් ඉන්දියාව වෙත නැඹූරු කර ගැනීමේ නිරත විය යුතු බවටද අදහස් දක්වා තිබෙනවා.

10424

ආසාදිතයන්

4282

සුවය ලැබූ

6123

දැනට රෝගීන්

19

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.