කාන්තා පොලිස් නිලධාරිනියන්ගේ අයිතිවාසිකම් කඩ කර නැහැ / පොලිසිය කියයි

Sri Lanka

ශ්‍රී ලංකා පොලිසිය කාන්තා පොලිස් නිලධාරිනියන්ගේ අයිතිවාසිකම් උල්ලංඝනය වන අයුරින් කටයුතු කර නොමැති බව පොලිස් මූලස්ථානය අවධාරණය කරනවා.

නිවේදනයක් නිකුත් කරමින් පොලිස් මාධ්‍ය කොට්ඨාශය පවසන්නේ රාජ්‍ය ආයතනවල අනුමත තනතුරුවලින් සියයට 15 ක ප්‍රමාණයක් කාන්තා නිලධාරිනියන් හට වෙන් කිරීමට රජය විසින් ගෙන ඇති තීරණයට අනුව ශ්‍රී ලංකා පොලිසියේ ද තනතුරුවලින් සියයට 15ක ප්‍රමාණයක් කාන්තා නිලධාරිනියන් සඳහා සම්පාදනය කිරීමට අවශ්‍ය කටයුතු මේ වන විටත් ක්‍රියාත්මක බවයි.

පොලිස් නිලධාරිනියන් පුද්ගලික පළිගැනීම්වලට ලක්ව ඇති බවට සමාජ මාධ්‍ය ජාලාවල පසුගිය දින කිහිපය තුළ ප්‍රචාරය වූ ප්‍රවෘත්ති තරයේ ප්‍රතික්ෂේප කරන බව ද පොලිස් මාධ්‍ය කොට්ඨාශය පැවසුවා.

ශ්‍රී ලංකා පොලිසියේ කාන්තා නියෝජනය වර්ධනය කිරීම සඳහා ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති තනතුරක්, කාන්තා නියෝජ්‍යය පොලිස්පති තනතුරු 4ක්, කාන්තා ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී තනතුරු 12ක් ඇති කිරීම සඳහා 2019 වසරේ පොලිස් මූලස්ථානය යෝජනාවලියක් ඉදිරිපත් කර ඇති බවද පොලිස් මාධ්‍ය කොට්ඨාශය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන්.

ශ්‍රී ලංකාවේ ප්‍රථම නියෝජ්‍ය පොලිස්පතිනිය ලෙස ඉකුත් දා උසස් වීම් ලද බිම්ශානී ජාසින් ආරච්චි මහත්මියගේ උසස්වීම බලරහිත කරන ලෙස ඉල්ලා ගොනුකර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සමක් සලකා බැලීම සඳහා මැයි මස 18 වනදා කැඳවන ලෙස ‍ශ්‍රේෂ්ඨාධිකරණය දින නියම කළා.

සම්මත උසස් වීම් පටිපාටියට පටහැනි ආකාරයට එම උසස් වීම සිදුකර ඇති බැවින් එය නීතිවිරෝධී බවට තීන්දුකරන ලෙස ඉල්ලමින් එම පෙත්සම ඉදිරිපත් කර තිබෙන්නේ රුවන් ගුණසේකර ඇතුළු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරුන් 32 දෙදෙනකු විසින්.


මූලාශ්‍ර සහිත හොඳම තොරතුරු දැනගන්න. ලංකා ඒ නිවුස් සමඟ එක්වන්න.

Lanka A News

83552

ආසාදිතයන්

79422

සුවය ලැබූ

3654

ප්‍රතිකාර ලබන

476

මරණ

පුවත යවන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *