පසුගිය රජයේ වැරදිවලට මෛත්‍රීත් වගකිව යුතුයි / මහින්ද කියයි

පසුගිය ආණ්‌ඩුව යම් වරදක්‌ කර තිබේ නම් එදා කැබිනට්‌ ඇමැතිවරයකු ලෙස අත ඔසවපු වත්මන් ජනාධිපතිවරයා ද ඊට වගකිවයුතු යෑයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්‌ෂ මහතා පවසනවා.

පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් කෑගල්ල නගරයේ දී පෙරේදා පැවති ජනහමුවට සහභාගි වෙමින් හිටපු ජනාධිපතිවරයා මේ බව සඳහන් කළා.

මේ ආණ්‌ඩුව බලයට පත්වුනේ කියන්න තිබූ බොරු කියල, අපහාස කරලා, ජනතාව හා ජාතියත් රවට්‌ටලයි. එහෙම රවට්‌ටලා බලයට පත්වූ ආණ්‌ඩුව අද මොකද කරලා තියෙන්නේ. ශ්‍රී ලංකා නිදහස්‌ පක්‌ෂය බණ්‌ඩාරනායක මහතාගේ ප්‍රතිපත්ති සම්පූර්ණයෙන් පාවාදීලා. එදා 1956 දී බණ්‌ඩාරනායක මහතා ඩී. ඒ.රාජපක්‌ෂ මහතා සමග එක්‌සත් ජාතික පක්‌ෂයෙන් ඉවත්වෙලා ඇවිත් හදපු ශ්‍රී.ල.නි .පක්‌ෂය අද එජාපයට පාවාදීලා. එදා තමයි බණ්‌ඩාරනායක මහතා දෙවන වරට ඝාතනය වුණේ. එතනින් නොනැවතී පක්‌ෂයේ තිබූ ප්‍රතිපත්ති පාවාදීලා, එජාප ආණ්‌ඩුවේ මැති ඇමැතිකම් කරමින්, රටේ තිබූ සම්පත් විකුණන්න පටන් ගත්තා.

වරාය විකුණලා අද මොකද වෙලා තියෙන්නෙ එහි සේවකයෝ ඉවත් කරලා. හාරසිය ගාණක්‌ ගත්තෙ නෑ. ඒ සේවකයෝ උපවාස කරනවා. මේ වනවිට ඒ උපවාසයේ යෙදී සිටින පහළොස්‌ දෙනෙකුට වැඩි ප්‍රමාණයක්‌ අසනීප වෙලා හම්බන්තොට රෝහලට ඇතුලත්කර තිබෙනවා. මේ ආණ්‌ඩුවට අනුකම්පාව කියලා එකක්‌ නැහැ.

මේ නිසා තමයි රණවිරුවන් හිරේ දාන්නේ. ඒ විතරක්‌ නොවෙයි යුද්ධයෙන් අතපය අහිමි, ඇස්‌ නොපෙනෙන රණවිරුවන් ජනාධිපති ලේකම් කාර්යාලයට සංදේශයක්‌ භාරදීමට ගියාම එලව එලවා පහර දුන්නා. එතැනදි එක්‌ රණවිරුවකුගේ ඇස්‌ අහිමිකළා. රට වෙනුවෙන් අතපය අහිමිකරගත් මේ ආබාධිත රණවිරුවන්ට පහරදී ඔවුන්ගේ ඇස්‌ අහිමිකළා. අත්පා කැඩුවා. මේ විතරක්‌ නොවෙයි වෛද්‍ය ශිෂ්‍යයෝ, සරසවි සිසුන් සටන ගෙනයන කොට ඔවුන්ගේ ප්‍රශ්නය ගැන කියන්න ජනාධිපති , අගමැතිවරයා හමුවෙන්න යන කොට ඔවුන්ටත් ලැබුණේ බැටන් ප්‍රහාර හා කඳුළු ගෑස්‌ ප්‍රහාර. ප්‍රශ්න කඳුළු ගෑස්‌ ගහලා, බැටන් පොලු ප්‍රහාර දීලා විසඳිය නොහැකියි. ආණ්‌ඩුවක්‌ ප්‍රශ්න වලට මුහුණදීලා ඒ ප්‍රශ්න විසඳන්න ඕන.

මේ ආණ්‌ඩුව ඇවිත් මොකද කළේ. වී වැඩියි කියලා මත්තල ගුවන් තොටුපළේ ගොඩ ගහලා ඒකට ගුවන්යානා ඒම නැවැත්තුවා. එහෙම කරලා දැන් ඒ ගුවන් තොටුපළ විකිණීමට ලෑස්‌තිකර තිබෙනවා. වැඩියි කියලා කුඹුරු අක්‌කර ලක්‌ෂ දෙක හමාරකට ජලය නොදී වගා කිරීම තහනම් කළා. ගොවියට ජලය දුන්නේ නෑ. මේකයි ගොවි ජනතාවට කළේ. පොහොර ටික වෙලාවට නෑ, මිලක්‌ නෑ, සහල්,පොහොර නැව් පිටරටින් එනතෙක්‌ මුහුද දෙස බලාගෙන ඉන්න සිදුවෙලා. මේක තමයි අද රටට සිදුවී තියෙන්නෙ.

මේකද ආණ්‌ඩුවකින් ජනතාව බලාපොරොත්තු වුනේ. මේකටද අපි ඡන්දය දුන්නේ කියලා මතක්‌ කරන්න රටේ තරුණයෝ. තිස්‌සමහාරාමේදී මට හමුවු උපාධිධාරී දරුවෙක්‌ කියනවා, ඔහුට පළමුවන පන්තියේ සමාර්ථයක්‌ තියෙනවා නමුත් තාම රැකියාවක්‌ නැහැ කියලා. පහුගිය කාලෙම උපාධිධාරීන් රැකියාවලට ගත්තේ නැහැ. තරුණයාට රැකියා නෑ . ඉන්න ඒවායිනුත් ඉවත් කරනවා. කර්මාන්තශාලා වැහෙනවා. මේක තමයි අද රටේ තත්ත්වය.

ගොවියට විතරක්‌ නොවෙයි අද කම්කරුවටත් අමාරුයි. අපේ රජය කාලේ රාජ්‍ය සේවකයන්ගේ වැටුප් හැම අය වැයකින්ම වැඩි කළා. මේ ආණ්‌ඩුව කියන්නේ මොකද්ද ? ඒගොල්ලෝ පඩි වැඩි කරන්නේ නෑ, බඩු මිල අඩු කරනවලු. බඩු මිල අඩුවෙලාද ? පොල්ගෙඩිය කීයද? හාල් කීයද? අපි විකුණන්න ගියොත් ඒක අඩුයි. ගන්න ගියාම තමයි ගාන වැඩි. මේ තත්ත්වයට පත්කළේ රටේ කෘෂිකර්මාන්තය සම්පූර්ණයෙන් ඉවත්වෙලා. රටට වෙලා තියෙන්න මේකයි. පිටරට ගොවියා පොහොසත් කරන වැඩ පිළිවෙලයි මේ ආණ්‌ඩුව ගෙනියන්නේ.

අපේ තියන ගොවිතැන විනාශ කරමින් බඩු මිල අහස උසට නංවනවා. රජයේ සේවකයා දිනෙන දින පහළට ඇදමනවා.

mahinda2රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා හැමතිස්‌සෙම කියන්නේ ණය ණය කියලා. රාජපක්‌ෂ යුගයේ ගත්ත ණය කියලා. පාරට බැහැල අපි කරපුව බලනවකෝ. අපි ගත්ත ණය වලින් කරපුව රටපුරා ගියාම පේනවා. කෑගල්ලට කරපු සංවර්ධනය මේ ජනතාව දන්නවා. අපි නොකළා නම් මේ විදියට ජනතාව එයිද? අපි ගත්ත ණය වගේ දෙතුන් ගුණයක්‌ අරගෙන මේ අය කරපු දෙයක්‌ නෑ. ඒවාට වෙච්ච දෙයක්‌ නෑ. අපි කරපු සංවර්ධනය නවත්තලා දැන් ලොකුවට බෝඩ් ගහගන්නවා. ඒගොල්ලො කරයි කියලා. මහ බැංකුව කෑව වගේ. මහ බැංකුව කොල්ලකෑමේ සිද්ධිය සොයා බැලීමට පත්කළ ජනාධිපති කොමිසමේ වාර්තාව නිකුත්වුණා. මේ මුදල් වලට මොනවද උනේ කියලා අපි බලන් ඉන්නවා.

මේ කරන්නෙ පළිගැනීම. සමහර ඇමැතිවරු අද කතාකරන්නේ අපේ ආණ්‌ඩුවේ හිටියේ නෑවගේ. ඇයි දෙවියනේ නොවැම්බර් මාසේ ආප්ප කාල යනකලුත් හිටියනේ. එදා ඔක්‌කොටම අතඋස්‌සලා මෙහෙම කරයි කියලා මම හිතුවෙ නෑ. අවුරුදු ගණනක්‌ ඉදලා මේ වගේ බොළඳයි කියලා මම හිතුවේ නෑ. ඒ පැත්තට ගියාම තමයි මතක්‌වෙන්නෙ. වරදක්‌ කරලා තිබේනම්

එදා කැබිනට්‌ මණ්‌ඩලයේ සිටිමින් අතඉස්‌සුවට අද ඉන්න ජනාධිපතිවරයත් වග කිව යුතුයි. ඔහුත් වගකිව යුතුයි. දැන් ඇවිත් මෙහෙම කියලා ඔහුට ඉන් මිදෙන්න බෑ.

මේ මැතිවරණයේදී ඡන්දය දෙන්නේ කාටද කියලා තීන්දු කරන්න. පක්‌ෂ , නොබලා පෙහොට්‌ටුව ජයග්‍රහණය කරවන්න. නිවැරදි තීන්දුගැනීමේ ශක්‌තිය ඔබට තිබෙනවා. මගේ පිංතුරය කවුරු ගහගත්තත් පොහොට්‌ටුව විතරයි අපේ ලකුණ. තමුන්නාන්සේලා පොහොට්‌ටුව දිනවන්න ඉතුරු කොටස අපි බලා ගන්නම්.

ජාතික නිදහස්‌ පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා – රතු අලි පැටව් පාච රණවකලා කැටයම් දාලා මහින්ද රාජපක්‍ෂ කැසිනෝ ගේනවා කියලා කෑ ගැහුවා. පොර්ට්‌සිටිය හැදුවාම නංගිලාට යන්න වෙන්නේ ගණිකා මඩම්වල කිව්වා. මේ හාදයෝ මොනවාද නොකිව්වේ. ඒ කතාකරපු කටවල් අද කෝ. රනිලාගේ ආණ්‌ඩුව රැකියා දස ලක්‌ෂයක්‌ දෙනවා කිව්වා. නංගිලාට දෙනවා ගමේ බියර් ෂොප් එකේ බියර් විකුණන්න. කෙල්ලො ටික බෙදනවා. බියර්. කොල්ලො ටික බොනවා බියර්. ඔන්න දුන්න රස්‌සා. මේ ගහන්නේ මේ රටේ මුදුන් මුලට මේ ජාතිය තවමත් රැකෙන්නේ මේ රටේ කාන්තාවට නිසයි. කාන්තාව තමයි පවුල කියන ඒකකය ආරක්‌ෂා කරගෙන ඉන්නේ. ඒ කාන්aතාවගේ ඊළඟ පරම්පරාවටයි මේ ගහන්නේ.

කුරුණෑගල දිස්‌ත්‍රික්‌ පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්‌ටන් ප්‍රනාන්දු මහතා – ආණ්‌ඩුවක්‌ පැරදිලා විපක්‍ෂයේ ඉන්නකොට පළාත් පාලන මැතිවරණයකට සෙනඟ ගේන්න මොන තරම් අමාරුද. අද අති දැවැන්ත සෙනඟක්‌ කෑගල්ල දිස්‌ත්‍රික්‌කයට ඇවිත් ඉන්නවා. මේ ජනතාව එකතුවෙලා තියෙන්නේ කාලකණ්‌නි දුර්දාන්ත ආණ්‌ඩුව පන්නා දාන්නයි. බය නැති අගමැති බැඳුම්කරයට ගිහින් පෝස්‌ටර් ගැහුවේ එහෙමයි. මහින්ද මහත්තයා පැරදුව උජාරුවට ජනාධිපති පාවිච්චි කරන්නේ මඩු වලිගෙයි කඩුවයි.මේ දෙන්නම ඡන්දෙට බයේ කට්‌ටි පැන පැන හැංගිමුත්තන් කර කර දැඟලුවා.

5811

ආසාදිතයන්

3457

සුවය ලැබූ

2341

දැනට රෝගීන්

13

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.