චාවකච්චේරියේදී සුඛෝපභෝගී දුම්රියක ගින්නක්

ගල්කිස්සේ සිට කන්කසන්තුරේ බලා ධාවනය වෙමින් තිබූ අති සුඛෝපභෝගී දුම් රියේ එන්ජිම තුල චාවාකච්චෙරි ප්‍රදේශයේදී හදිසියේම ගින්නක් හටගෙන තිබේ.
මෙම ගින්නත් සමගම බියට පත් මගීන් දුම් රියෙන් සිය ගමන් මළුද රැගෙන බැස ඇති අතර ගින්න හට ගත් අවස්ථාවේදී විදේශිකයින් විශාල ප්‍රමාණයක්ද දුම් රිය තුල සිට ඇත.
දුම් රියේ රියදුරු හා සහායකයා වහාම දුම් රිය ආරක්ෂිත ස්ථානයක නවත්වා සිද්දිය පිළිඅබ්දව දැණුම් දීමෙන් පසු ගිණි නිවන රථ හා ප්‍රදේශවාසීන් පැමිණ ගින්න මැඩ පවත්වා තිබේ.
මෙම ගින්න හටගෙන ඇත්තේ දුම් රිය එන්ජිමේ ඇති වූ කාර්මික දෝෂයකින් බවට විශ්වාස කරයි.
කෙසේ වෙතත් ගින්න නිවා දැමීමෙන් පසුව පැය එකහමාරක පමණ කාලයක් ප්‍රමාද වී දුම් රිය කන්කසන්තුරේ බලා ගමන් කොට තිබේ

8706

ආසාදිතයන්

4043

සුවය ලැබූ

4644

දැනට රෝගීන්

19

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.