මසක් තුල ශ්‍රී පාද බිමේ ප්ලාස්ටික් බෝතල් 35,000 ක්

ශ්‍රීපාද වන්දනා සමය ආරම්භ වී මසක කාලයක් තුල හැටන් මාර්ගය ඔස්සේ ශ්‍රීපාද වන්දනාවේ පැමිණි වන්දනාකරුවන් සහ නල්ලතන්නියේ ආපන ශාලාවලින් හිස්ප්ලාස්ටික් බෝතල් තිස්පන්දහසක් පරිසරයට මුදාහැර ඇති බව අනාවරණවි තිබෙනවා.
අඹගමුව ප්‍රාදේශීය සභාව සදහන් කළේ මෙම බෝතල් සියල්ල මේ වන විට එක් රැස් කර ගබඩා කර ඇති බවයි.
කෙසේ වෙතත් මෙවර සිරිපා වන්දනාවේ පැමිණි පිරිස් පොලිතින් භාන්‍ිතා කිරීම සියයට 20කින් පමණ අඩුව ඇති බවයි අනාවරණවී ඇත්තේ.
මෙම තත්ත්වය හේතුවෙන් ඉදිරියේදී කුඩා ප්ලාස්ටික් බෝතල් ශ්‍රී පාදය ආසන්න කලාපයේ අලෙවි කිරීම සීමා කිරීමට අවධානය යොමුකර තිබෙනවා.

5685

ආසාදිතයන්

3457

සුවය ලැබූ

2215

දැනට රෝගීන්

13

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.