විකෘති වූ තවත් බරපතල කොරෝනා ප්‍රභේදයක් රටවල් 11කික් හමුවෙයි

Sri Lanka

විකෘතිවූ තවත් කොරෝනා වෛරස ප්‍රභේදයක් රටවල් 11ක ව්‍යාප්ත වෙමින් පවතින බව අනාවරණවී තිබෙනවා.
එඩින්බරෝ විශ්ව විද්‍යාලයේ පර්යේෂකයන්ගේ වාර්තාවක් පෙන්වා දෙන්නේ එක්සත් රාජධානිය, නයිජීරියාව , අමෙරිකාව ඇතුළු රටවල මෙම ප්‍රභේදය ව්‍යාප්ත වන බවයි.
බී 1.125 ලෙස නම් කළ මෙම ප්‍රභේදය තුල දැඩිව විකෘති වූ ප්‍රෝටීනයක් අඩංගු වන අතර එමඟින් මිනිස් සෛල වලට පහසුවෙන් ඇතුළු වන බවයි පර්යේෂකයන් පැවසුවේ.
මෙය දකුණු අප්‍රිකාවෙන් හා බ්‍රසීලයෙන් හමුවූ විකෘති කොරෝනා ප්‍රභේදයේ ඇතැම් ලක්ෂණ දරන බවද හඳුනාගෙන තිබුණා.
ක්ෂුද්‍රජීව විද්‍යාව පිළිබඳ මහාචාර්යවරයකු වන සයිමන් ක්ලාක් ගාඩියන් පුවත්පතට පැවසුවේ එන්නත්වල සාර්ථකත්වය පිළිබද මෙම වෛරසය ද කනස්සල්ලක් මතු කරන බවයි.
එහෙත් ඒ පිළිබද කල් තබා අනාවැකි පළ කළ නොහැකි බවයි ඔහු සදහන් කර තිබුණේ. – Live Science


මූලාශ්‍ර සහිත හොඳම තොරතුරු දැනගන්න. ලංකා ඒ නිවුස් සමඟ එක්වන්න.

Lanka A News

83552

ආසාදිතයන්

79422

සුවය ලැබූ

3654

ප්‍රතිකාර ලබන

476

මරණ

පුවත යවන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *