අඟහරුට ගොඩබෑ රෝවරයේ හෙලිකොප්ටරයෙන් පෘථිවියට සුබ පණිවිඩයක්

Sri Lanka

අඟහරු වෙත ගොඩබසිනු ලැබූ ප්‍රිසවරන්ස් රෝවරයේ ඇතුලත් ක්වාඩ්කොප්ටර් වර්ගයේ ඉන්ජෙනුයිට් හෙලිකොප්ටර් යානය විසින් සාර්ථකව පෘථිවියට පණිවිඩයක් ලබාදී තිබෙනවා.
ඒ යානය සම්පූර්ණ ක්‍රියාකාරීත්වයෙන් යුතුව පවතින බව තහවුරු කරමින්.
ඒ අනුව පෘථවියෙන් පිටත ලෝකයකදී මුල්වරට පියාසර කළ හෙලිකොප්ටර් යානය බවට පත්වීමට එය සූදානමින් පසුවන බවයි නාසා හී ප්‍රිසවරන්ස් රෝවර මෙහෙයුමේ සහකාර පරිපාලක තෝමස් සර්බුචෙන් පැවසුවේ.
රාත්තල් 4ක බරින් යුතු මෙම යානය රෝවරයේ බද කොටසේ පහතින් ස්ථාපිත කර තිබෙනවා.
රෝවරයේ මෘදුකාංග ස්ථාපිත වූ පසු තවත් මාසයකින් පමණ මෙම යානය අඟහරු මත පියාසර කරවීමටයි අපේක්ෂා කෙරෙන්නේ.
මේ අතර නාසා ආයතනය පවසන්නේ අපේක්ෂා කළ මට්ටමටත් වඩා හොඳින් රෝවරය හා යානය යහපත් මට්ටමකින් පසුවන බවයි.
ඒ අනුව අපේක්ෂා කරන මෙහෙයුම් සාර්ථක කර ගැනීමට ඉහළ හැකියාවක් පවතින බවයි නාසා නිවේදනය කළේ.

Lanka A News

79999

ආසාදිතයන්

74299

සුවය ලැබූ

5255

ප්‍රතිකාර ලබන

445

මරණ

පුවත යවන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *