ප්‍රතික්ෂේප වූ නාම යෝජනා ගැන පෙත්සම් 19 වනදා විභාගයේ

මහරගම නගර සභාව ඇතුළු පළාත් පාලන ආයතන සඳහා ඉදිරිපත් කළ නාමයෝජනා පත්‍ර ප්‍රතික්ෂේප කිරීමට එරෙහිව දේශපාලන පක්ෂ විසින් ඉදිරිපත් කළ පෙත්සම් 14 ක් ලබන 19 වන දා සළකා බැලීමට අභියාචනාධිකරණය අද තීන්දු කළා.

අදාළ පෙත්සම් අභියාචනාධිකරණ සභාපති විනිසුරු ප්‍රිති පද්මන් සූරසේන සහ ශ්‍රිරාන් ගුණරත්න යන විනිසුරු මඩුල්ල හමුවේ අද කැදවනු ලැබුවා.

එහිදි නීතිපතිවරයා විසින් පෙනීසිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් අර්ජුන ඔබේසේකර මහතා අධිකරණය හමුවේ කියා සිටියේ, අදාළ පෙත්සම්වල ස්වභාවය සළකා බැලීමේ දී එය කොටස් 3කට වෙන් කර සළකා බැලිමේ හැකියාව පවතින බවයි.

ඒ අනුව සළකා බැලීමේ දිනයක් ඉල්ලා සිටි අතර එහිදී මෙම දිනය ලබා දී තිඛෙනවා.

5811

ආසාදිතයන්

3457

සුවය ලැබූ

2341

දැනට රෝගීන්

13

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.