හිමිනමකගෙන් ලක්ෂ 10ක කප්පම් ඉල්ලූ OIC රිමාන්ඩ්

Sri Lanka

බලපිටිය පාතේගම යෝගාශ්‍රමයේ විහාරාධිපති හිමියන්ගෙන් රුපියල් ලක්ෂ 10ක කප්පම් මුදලක් ඉල්ලු නෝර්ටන්බ්‍රිජ් පොලීසියේ රථ වාහන අංශයේ ස්ථානාධිපතිවරයා ඇතුළු සැකකරුවන් 06 දෙනෙකු ලබන මස දෙවනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිඛෙනවා.

සැකකරුවන් පිරිස බස්නාහිර පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ විශේෂ ඒකකයේ පොලිස් නිලධාරින් කණ්ඩායමක් බව පවසා 17දා රාත්‍රී විහාරාධිපති හිමියන්ගෙන් කප්පම් වශයෙන් රුපියල් ලක්ෂ 10ක මුදලක් ඉල්ලා තිබෙනවා.

විහාරාධිපති හිමියන් අදාළ මුදල ලබා ගැනීම සඳහා බැංකුව වෙත යමින් සිටිය දී පොලීසියට ලද තොරතුරක් මත බලපිටිය, හීනටිය ප්‍රදේශයේ දී සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබුණා.

සැකකරුවන් අතර ගාල්ල ප්‍රදේශයේ ප්‍රාදේශිය සභාවක මන්ත්‍රීවරයෙකුද වන බවයි පොලිසිය සදහන් කළේ.


මූලාශ්‍ර සහිත හොඳම තොරතුරු දැනගන්න. ලංකා ඒ නිවුස් සමඟ එක්වන්න.

Lanka A News

83094

ආසාදිතයන්

78947

සුවය ලැබූ

3683

ප්‍රතිකාර ලබන

471

මරණ

පුවත යවන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *