ලෝකයේ පළමුවරට කුරුළු උණ (H5N8) මිනිසුන්ට වැළදෙයි / රුසියාවෙන් ආසාදිතයන් 7ක්

Sri Lanka

 (H5N8) කුරුළු උණ රෝගය කුකුළන් හරහා මිනිසුන්ට වැළදුණු පළමු අවස්ථාව රුසියාවෙන් වාර්තාවී තිබෙනවා.
විශේෂ නිවේදනයක් නිකුත් කරමින් රුසියා හෙල්ත් වොච්ඩෝග් ආයතනය පැවසුවේ මෙවන් තත්ත්වයක් ලෝකයෙන් හදුනාගත් පළමු අවස්ථාව මෙය බවයි.

මේ සම්බන්ධයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානය දැනුවත් කර ඇති අතර , දැනට රෝගීන් 7 දෙනකු වාර්තාවූ බවයි රුසියාව පැවසුවේ.

දකුණු දිග රුසියාවේ කුකුළු මස් ගොවිපළක සේවකයන් අතර ව්‍යාප්ත වූ උණ රෝගයක් පිළිබද සිදුකළ පරීක්ෂාවකදී ඔවුන් ආසාමාන්‍ය රෝග ලක්ෂණ පෙන්නුම් කළ අතර පසුව හඳුනා ගැණුනේ එය කුරුළු උණ රෝගය බවයි.

කෙසේ වෙතත් මෙය මිනිසුන් අතර සම්ප්‍රේෂණය වන්නේදැයි මෙතෙක් හදුනාගෙන නැහැ.
දැනට විශ්වාස කරනු ලබන්නේ මෙම වෛරසය කුකූළන් මගින් සෘජුවම එම පුද්ගලයන්ට වැළදෙන්නට ඇති බවයි.
රෝගීන් වෙන්කර ප්‍රතිකාර ලබාදී ඇති අතර ඔවුන් සියලු දෙනා සුවය ලබා ඇතැයි ද වෛද්‍ය ඇනා පැබෝවා ප්‍රකාශ කළා.
මෙම තත්ත්වයට අදාළ සියළු දත්ත ලෝක සෞඛ්‍ය සංවිධානයේ අවධානයට ද ලක්ව තිබෙනවා.
මෙය මිනිසුන් අතර ව්‍යාප්ත විය හැකිදැයි කල් තබා හදුනා ගැනීම මගින් තවත් වසංගතයක් වැළැක්වීමට ඉඩ පවතින බවයි පර්යේෂණ මෙහෙයවන කණ්ඩායම පවසන්නේ.
මේ අතර ලෝක සෞඛ්‍ය සංවිදානය පවසන්නේ කුරුළු උණ රෝගයේ  A (H5N1) /A (H7N9)  /  A (H1N1)  සූකර උණ යන ප්‍රභේද මීට පෙර මිනිසාට වැළදී තිබූ බවයි.
එහි මාරාන්තික අවදානම සියයට 60ක් බවයි අනාවරණ කර ඇත්තේ.

Lanka A News

79999

ආසාදිතයන්

74299

සුවය ලැබූ

5255

ප්‍රතිකාර ලබන

445

මරණ

පුවත යවන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *