

වත්මන් රජය පසුගිය වසර තුළ පමණක් රුපියල් බිලියන 649ක මුදල් අච්චු ගසා ඇති බවට සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රි පාඨලී චම්පික රණවක මහතා පවසයි.
මෙම මාසය තුළ ගෙවුණු දින 19 තුළදී පමණක් රුපියල් බිලියන 48ක මුදල් නෝට්ටු අච්චු ගසා ඇති බව මහ බැංකුවේ දත්ත පද්ධතිය නිරීක්ෂණය කිරීමේදී අනාවරණ වු බවයි මන්ත්‍රීවරයා සදහන් කළේ.
කොළඹ පැවති වැඩසටහනකට එක්වෙමින් පාඨලී චම්පික රණවක මහතා මේ බව ප්‍රකාශ කළා.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා මෙලෙස පැවසීය.
”බියගම මුදල් මුද්‍රණය කරන යන්ත්‍රයේ උපරිම ධාරිතාවයෙන් වත්මන් ආණ්ඩුව මුදල් අච්චුගසමින් යයි.
මෙහි යථාර්ථය පාරට ගිය විට පෙනෙන්නට තිබේ. කෙසෙල් ඇවරියක මිල රුපියල් 950 කි. අඹ කිලෝවක මිල රුපියල් 500 කි. අමු මිරිස් කිලෝවක මිල රුපියල් 1000 කි. කහ කිලෝවක මිල රුපියල් 8000 කි. මෙම මුදල් අච්චු ගැසීමෙන් අපි කොපමණ ඩොලර් ඉපයූවත්, ඩොලරයට සාපේක්ෂව රුපියල අව ප්‍රමාණ වීම වළක්වා ගැනීමට නොහැක. ඒ රුපියල් ප්‍රමාණය වැඩි වුවාට ඩොලර් ප්‍රමාණය වැඩි නොවන නිසාය.”
මූලාශ්‍ර සහිත හොඳම තොරතුරු දැනගන්න. ලංකා ඒ නිවුස් සමඟ එක්වන්න.
82180
ආසාදිතයන්
77625
සුවය ලැබූ
4096
ප්‍රතිකාර ලබන
464