කාශ්මීරයේ තත්ත්වය නිරීක්ෂණයට විදෙස් නිරීක්ෂණ කණ්ඩායමක්

Sri Lanka

ඉන්දු පකිස්ථාන දේශසීමාවට අයත් කාශ්මීර කලාපය තුල විශේෂ නිරීක්ෂණයක් සඳහා ජගත් නිරීක්ෂණ කණ්ඩායමක් ළගාවී තිබෙනවා.
ඒ අනුව රටවල් 24කට අයත් නියෝජිතයන් මේ සඳහා එක්වූ බවයි ඉන්දියාවේ ඉකොනොමික් ටයිම්ස් පවසන්නේ.
මෙහිදී ඉන්දීය හමුදා විසින් කාශ්මීරයේ සිදුකෙරෙන ත්‍රස්ත ක්‍රියාකාරකම් හා ඊට ලැබෙන අනුග්‍රහයන් පිළිබද ජාත්‍යන්තර නිරීක්ෂකයන් දැනුවත් කර තිබෙනවා.
පකිස්ථාන හමුදාව විසින් එම ත්‍රස්ත සංවිධාන වෙත උපකාර කරන බවට වන සාක්ෂි මෙහිදී ඉදිරිපත් කර ඇතැයිද එම වාර්තාවේ සදහන්.
ඒ අනුව කාශ්මීරයේ ත්‍රස්තවාදීන්ගෙන් අත්පත් කරගත් අවි ආයුධ පකිස්ථාන හමුදාවට අයත් බව ද තහවුරු කර ඇති බවයි ඉන්දියාව පවසන්නේ.
එසේම ප්‍රහාර සඳහා ත්‍රස්තවාදීනක් භාවිත කළ ඩ්‍රෝන යානා පකිස්ථාන හමුදාව සතු ඒවා බවටද ඔවුන් චෝදනා කර තිබෙනවා.
මෙම නිරීක්ෂණ කණ්ඩායම සිය දෙවන අධියරේදී පකිස්ථානය පාලනය කරන කාශ්මීර කලාපයට ළගාවීමට නියමිතයි.

Lanka A News

79999

ආසාදිතයන්

74299

සුවය ලැබූ

5255

ප්‍රතිකාර ලබන

445

මරණ

පුවත යවන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *