විදුලි සේවකයින් අඛණ්ඩ වර්ජනයකට

විරෝධතාවයේ නිරත සේවකයින්ට පොලීසිය කළ පහරදීමකට විරෝධය පළ කරන බව පවසමින් අද පෙරවරු 9.00 සිට අඛණ්ඩ වර්ජනයක් ක්‍රියාත්මක කරන බව ලංකා විදුලිබල මණ්ඩල ඒකාබද්ධ වෘත්තිය සමිති සන්ධානය පවසනවා.

නීති විරෝධී වැටුප් වැඩි කිරීමක් නීත්‍යනුකූල කිරීමට දරන උත්සාහයකට විරෝධය පළ කරමින් විදුලිබල මණ්ඩල සේවකයින් ඊයේ පෙරවරුවේ විරෝධතාවක් ක්‍රියාත්මක කළා.

අනතුරුව ඔවුන් විදුලිබල මණ්ඩල ප්‍රධාන කාර්යාලයට ඇතුලුවී සභාපතිවරයා සිය ග්‍රහණයට ගත් අතර සභාපතිවරයා මුදාගැනුනේ කැරලි මර්දන ඒකකය හා පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන්ගේ මැදිහත්වීමෙන්.

කෙසේ වෙතත් විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක සුලක්ෂණ ජයවර්ධන ප්‍රකාශ කළේ, අඛණ්ඩ වර්ජනයක් සම්බන්ධයෙන් මෙතෙක් නිල දැනුම්දීමක් කර නොමැති බවයි.

8413

ආසාදිතයන්

3933

සුවය ලැබූ

4464

දැනට රෝගීන්

16

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.