දේශීය පුවත් ප්‍රධාන-පුවත්

අමෙරිකානු පුරවැසි භාවය දෙන ග්‍රීන් කාර්ඩ් අයදුම්පත් කැදවීම ඇරඹෙයි

බෙදා හරින්න :

ඇමරිකානු විවිධත්ව සංක්‍රමණික වීසා (GREEN CARD) ලොතරැයි වැඩසටහන සඳහා ශ්‍රී ලාංකික පුරවැසියන්ට මේ දිනවල ලියාපදිංචි විය හැකි බව මෙරට ඇමරිකානු තානාපති කාර්යාලය නිවේදනය කරනවා.

අන්තර්ජාලය (online) ඔස්‌සේ නොවැම්බර් 07 වැනිදා දක්‌වා ලියාපදිංචි විය හැකි අතර ඒ සඳහා කිසිදු මුදලක්‌ අය නොකරන බවද තානාපති කාර්යාලය දැනුම් දෙයි.

අයදුම්කරුවන් අතුරින් අහඹු ලෙස තෝරා ගන්නා ශ්‍රී ලාංකිකයන් සංක්‍රමණික වීසා සඳහා සම්මුඛ පරීක්‌ෂණයට කැඳවන අතර ඉන් සුදුසුකම් ලබන්නන්ට ඇමරිකාවේ නීත්‍යනුකූල, ස්‌ථිර නේවාසිකයන් විය හැකි බවද තානාපති කාර්යාල නිවේදනයේ දැක්වෙනවා.

අයදුම්පතක්‌ සම්පූර්ණ කර ඉදිරිපත් කිරීමට තුන්වැනි පාර්ශ්වයක ආධාර අවශ්‍ය නොවන බවද සුදුසුකම් හා උපදෙස්‌ සිංහල, දෙමළ හා ඉංග්‍රීසි භාෂාවෙන් ලබා ගැනීම සඳහා කොළඹ ඇමරිකානු තානාපති කාර්යාලයේ https://lk.usembassy.gov/visas/immigrant visas/diversity – visa වෙබ් අඩවියට පිවිසෙන ලෙසද දැනුම් දී සිටී. ලොතරැයිය ඉල්ලුම් කිරීම සඳහා www.dvlottery.state.gov වෙබ් අඩවියට පිවිසෙන ලෙසද තානාපති කාර්යාලය දැනුම් දෙනවා.

53408

ආසාදිතයන්

45820

සුවය ලැබූ

7324

දැනට රෝගීන්

270

මරණ

බෙදා හරින්න :

Similar Posts