කොරෝනා මූලාශ්‍රය අමෙරිකාවේත් හොයන්න / චීනයෙන් ඉල්ලීමක්

Sri Lanka

කොරෝනා වසංගතයේ ආරම්භය පිළිබද විමර්ෂණයක් අමෙරිකාව තුල ද සිදුකළ යුතුබව චීනය පවසනවා.
චීනයේ වසංගත රෝග පාලන මධ්‍යස්ථානයේ ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ සෙන් ගුආන්ග් පැවසුවේ චීනය ලෝක සෞඛ්‍ය සංවිධානයට අවස්ථාව ලබාදුන් අයුරින්ම අමෙරිකාවද මෙම අවසරය ලබා දිය යුතු බවයි.
ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිරීක්ෂකයන් සිදුකළ විමර්ෂණ අනුව චීනයේ කොරෝනා මූලාශ්‍රය වෛරස විද්‍යාගාරය නොවන බව තහවුරුව ඇතැයි ද ඔහු පැවසුවා.
කෙසේ වෙතත් එම මතය පිළි නොගන්නා බවයි අමෙරිකාව අවධාරණය කර තිබුණේ.
මේ අතර ඊයේ දිනයේදී ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රකාශ කළේ වසංගතයේ ආරම්භය පිළිබද සිදුකළ විමර්ෂණ ප්‍රමාණවත් නොවන බැවින් , ගැඹුරු හා දීර්ඝ විමර්ෂණයක් යළි සිදුකළ යුතු බවයි.


මූලාශ්‍ර සහිත හොඳම තොරතුරු දැනගන්න. ලංකා ඒ නිවුස් සමඟ එක්වන්න.

Lanka A News

83094

ආසාදිතයන්

78947

සුවය ලැබූ

3683

ප්‍රතිකාර ලබන

471

මරණ

පුවත යවන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *