

නැගෙනහිර චීන මුහුදේ පිහිටා ඇති සෙන්කාකු දූපත් ආශ්රිත චීන ක්‍රියාකාරකම් පිළිබද විමසිල්ලෙන් පසුවන බව තායිවානය පවසනවා.
චීන යූද නැව් හතරක් එම දූපත් ආසන්නයට ළගාවීමට ප්‍රතිචාර දක්වමින් තායිවානය මේ බව පැවසුවා.
මේ සම්බන්ධයෙන් ජපානය ද විරෝධය පළ කළ අතර රාජ්‍යත්‍රාන්ත්‍රික මට්ටමෙන් එම විරෝධය චීනයට දැනුම්දී තිබුණා.
සෙන්කාකු හා දියාගු දූපත් ජපානය, චීනය හා තායිවානය විසින් තමන්ට අයත් බවටයි ප්‍රකාශ කරමින් පවතින්නේ.
කෙසේ වෙතත් එම කලාපයේ යාත්‍රා කරන නෞකාවන්ට වෙඩි තැබීමට බලය පවරමින් පසුගියදා චීනය නියෝගයක් සම්මත කළා.
තායිවානයේ විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශිකාව කියා සිටියේ නැගෙනහිර චීන මුහුදේ සිදුවන තත්ත්වයන් පිළිබඳව රජය දැඩි අවධානයක් යොමු කරන බවයි.
එම දූපත් තායිවානය සතු අතර වෙනත් කිසිවකුට ඒවා ලබා නොදෙන බවයි තායිවානය අවධාරණය කරන්නේ.
මූලාශ්‍ර සහිත හොඳම තොරතුරු දැනගන්න. ලංකා ඒ නිවුස් සමඟ එක්වන්න.
83094
ආසාදිතයන්
78947
සුවය ලැබූ
3683
ප්‍රතිකාර ලබන
471