O/L විභාග ප්‍රවේශපත්‍රවල ගැටලු සංශෝධනයට අවස්ථාව

Sri Lanka

සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින විභාග අපේක්ෂකයින්ගේ විභග ප්‍රවේශ පත්‍රවල පවතින ගැටලු සංශෝධනය කර ගැනීමට අවස්ථාව පවතින බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.

විභාග කොමසාරිස් ජනරාල් සනත් පුජිත මහතා පැවසුවේ විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවියට පිවිසීමෙන් විභාග ප්‍රවේශ පත්‍රවල පවතින ගැටලු සංශෝධනය කරගත හැකි බවයි.

විභාග අපේක්ෂකයෙකුගේ ප්‍රවේශ පත්‍රයේ නම විෂය හෝ මාධ්‍ය සංශෝධනය කර ගැනීමට විභාග දෙපාර්තමේන්තුවට පැමිණිම අනවශ්‍ය බව ද විභාග කොමසාරිස් ජනරාල්වරයා සදහන් කළා.

එම සංශෝධන සිදුකිරීමට විදුල්පතිවරුන්ට අවස්ථාව ලබා දී ඇති අතර පෞද්ගලික අයදුම්කරුවන්ට අදාළ සංශෝධන පුද්ගලිකව සිදුකර ගැනීමට අවස්ථාව ලබා දී තිඛෙනවා.

කෙසේවෙතත් එලෙස සිදුකරනු ලබන සංශෝධනවල පිටපතක් විභාගය පැවැත්වෙන දිනයේදී විභාග ප්‍රවේශ පත්‍රය සමග අමුනා ශාලාධිපතිවරයාට භාර දිය යුතු බවයි විභාග කොමසාරිස් ජනරාල් සනත් පුජිත මහතා සදහන් කළේ.


මූලාශ්‍ර සහිත හොඳම තොරතුරු දැනගන්න. ලංකා ඒ නිවුස් සමඟ එක්වන්න.

Lanka A News

83094

ආසාදිතයන්

78947

සුවය ලැබූ

3683

ප්‍රතිකාර ලබන

471

මරණ

පුවත යවන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *