ඌවේ මහ ඇමති විදුහල්පතිනියක් දණ ගැස්වීම ගැන මානව හිමිකම් පරීක්ෂණ

බදුල්ල දෙමළ බාලික විද්‍යාලයේ විදුහල්පතිනියට ඌව පළාත් ප්‍රධාන අමාත්‍යවරයා විසින් තර්ජනය කළ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් මානව හිමිකම් කොමිසම් සභාව පරික්ෂණක් ආරම්භ කර තිබෙනවා.
ඒ අනුව අදාළ ගුරුවරියගෙන්   මේ වන විටත් ප්‍රකාශයක් ලබා ගෙන ඇති බවයි කොමිෂන් සභාව සදහන් කළේ.
ඉදිරියේදී මේ සම්බන්ධයෙන් පුළුල් පරික්ෂණයක් සිදු කර වාර්තාවක් ලබාදිමට නියමිත බවයි මානව හිමිකම් කොමිෂන් සභාව සදහන් කළේ.
පලාත් ප්‍රධාන අමාත්‍යවරයාගේ ලිපියකට ළමයෙකු පාසලට ඇතුලත් කර ගැනිමට කටයුතු නොකිරිම සම්බන්ධයෙන් ඌව පළාත් ප්‍රධාන අමාත්‍යවරයා විදුහල්පතිනියට තර්ජනය කළ බවයි ප්‍රකාශ වන්නේ.
අනතුරුව පළාත් අධ්‍යාපන ලේකම්වරිය හා අධ්‍යාපන අධ්‍යක්ෂකවරයාද ඇයට බලපෑම් කළ බවටයි තොරතුරු හෙලිව ඇත්තේ.
6287

ආසාදිතයන්

3561

සුවය ලැබූ

2712

දැනට රෝගීන්

14

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.