ඇතැමුන් බලපෑම් කර කොරෝනා එන්නත් ගන්නවා /වෛද්‍ය හේමන්ත හේරත් හෙළිකරයි

ByLankaAnews

Feb 22, 2021

ඇතැම් පිරිස් විවිධ බලපෑම් කරමින් කොරෝනා එන්නත ලබාගන්නා බවට තොරතුරු ලැබී ඇති බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්, විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා අනාවරණය කරනවා.

ඔහු පෙන්වා දෙන්නේ සියලු දෙනාම තමන්ගේ අවස්ථාව ලැබෙන තෙක් ඉවසිල්ලෙන් සිටිය යුතු බවයි.

“යම් යම් පුද්ගලයින් විසින් මේ සැලසුමට පිටින් විවිධ බලපෑම් කරලා හැඳුනුම්කම්, තනතුරු භාවිත කරලා එන්නත් ඉල්ලන තත්ත්වකට පත්වෙලා. එන්නත්කරණය සිදුකරන මධ්‍යස්ථානවලට ගිහින් කියනවා අපි සමග එන පුද්ගලයින්ට එන්නත් ලබා දෙන්න කියලා. අපි මේ එන්නත කාටවත් ලබානොදී සිටීමේ බලාපොරොත්තුවක් නෑ. එම නිසා සියලුදෙනාම තමන්ගේ අවස්ථාව ලැබෙන තෙක් ඉවසිල්ලෙන් ඉන්න කියලා ඉල්ලා සිටිනවා.”

“එන්නත ලබාගැනීමට පෙර තමන්ගේ රෝග තත්ත්වයන් පිළිබඳව අනිවාර්යයෙන්ම දැනුම්දිය යුතුයි. ගැටලුවක් තියෙනවා නම් පළාතේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරියාව හමුවෙලා ඒ සම්බන්ධයෙන් වැඩිදුර කටයුතු කරන්න අවස්ථාව තියෙනවා.”

පුවත යවන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *