කතරගම වෙඩි තැබීම ගැන විමර්ෂණයට විශේෂ පොලිස් කණ්ඩායමක්

කතරගම නගරයේ දී අණ නොතකා ධාවනය කළ යතුරුපැදියකට පොලීසිය සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මියයාම පිළිබද පරීක්ෂණයක් පැවැත්විම සඳහා පොලිස්පතිවරයාගේ උපදෙස් පරිදි විශේෂ පොලිස් කණ්ඩායමක් කතරගම ප්‍රදේශයට පිටත්කර යවා තිබෙනවා.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සදහන් කළේ ඊයේ රාත්‍රී මෙම සිද්ධියෙන් අනතුරුව ප්‍රදේශයේ හටගත් නොසනුසුන්කාරී තත්ත්වය සමනය කර ඇති බවයි.
වෙඩි තැබීම සිදුකළ බව කියන පොලිස් නිලධාරීයා මේ මස 30 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.
සිද්ධියේදී ප්‍රදේශවසීන් විසින් පොලිස් ස්ථානයටද පහරදී ඇති බව සදහන්.
මෙහිදී තත්ත්වය පාලනය කිරීමට පොලිසිය කදුලු ගෑස් ප්‍රහාරයක්ද එල්ල කරනු ලැබුවා.

7521

ආසාදිතයන්

3714

සුවය ලැබූ

3792

දැනට රෝගීන්

15

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.