අනුරගේ රැළියට කඩා වැදුණු ත්‍රීරෝද රථය තර්ජනය කරලා

ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා සහභාගී වූ ජා ඇල පැවැති ජන රැළියකට ත්‍රිරෝද රථයකින් කඩා වැදුණු පුද්ගලයන් දෙදෙනෙක් බාධා පමුණුවා ඇති බව වාර්තාවනවා.

ජන රැළිය සඳහා ජා ඇල නගර මධ්‍යයේ ඔසවා තිබූ ද්‍රවිඩ බසින් සඳහන් පුවරු ඉවත් කිරීමට එහි සංවිධායකයන්ට බැණ තර්ජනය කරමින් මෙම පුද්ගලයින් කළහකාරී ලෙස හැසිරුනු බවටයි ජනතා විමුක්ති පෙරමුණ පොලිසියට පැමිණිලි කර ඇත්තේ.

ඒ අනුව ජා ඇල පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක නිශ්ශංක සිල්වා මහතා ගේ උපදෙස් මත ක්‍රියාත්මක වූ පොලිස් කණ්ඩායමක් ත්‍රිරෝද ද රථය සමඟ කලහකාරී ලෙස හැසිරුණු පුද්ගලයන් දෙදෙනා අත්අඩංගුවට ගෙන තිඛෙනවා.

දෙපාර්ශවය පොලිසියට කැඳවා සිද්ධීය විභාග කිරීමේදී කලහකාරී ලෙස හැසිරුණු පුද්ගලයින් වරද පිළිගෙන ජනතා විමුක්ති පෙරමුණේ සමාජිකයින්ගෙන් සමාව ගැනීමට එකඟ වීම නිසා දේපාර්ශවය සිද්ධිය සමථයකට පත් කළ බවයි පොලිසිය සදහන් කළේ.

8413

ආසාදිතයන්

3933

සුවය ලැබූ

4464

දැනට රෝගීන්

17

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.